ගිනි ගන්නා නැවේ අලුත්ම තත්වය මෙන්න

නිව් ඩයමන්ඩ් නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

නෞකාව රඳවා තිබෙන සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග හටගත් අධික සුළං ප්‍රවාහයන් නෞකාවේ අභ්‍යන්තරයේ පැවති ගිනි පුපුරු හා අධික උෂ්ණත්වයට බලපෑ‍ම මත පාලනය කර තිබූ ගින්න මෙලෙස නැවතත් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා යොදා ගනිමින් මේ වන විට නැවත ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.

ආපදා කළමනාකරණ කණ්ඩායම් ඊයේ (6) සවස ගින්න පාලනය කිරීමෙන් පසු ගින්න වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් සිදු කළ ආපදා කළමනාකරණ මෙහෙයුම අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.

Next Post

වෙරළේ තෙල් තට්ටුක් - ඇමති වාර්තාවක් ඉල්ලයි

Mon Sep 7 , 2020
පසුගිය දිනවල සංගමන්කන්ද වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 33ක දුරකින් පිහිටි විදේශීය නැවක සිදුවු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බව ධීවරයන් සොයාගෙන තිබේ. මේ හේතුව නිසා භීතියට පත් ධීවරයන් 04 දින ධීවර කටයුතු වලින් වැලකී සිට ඇත. මෙම කරුණ පිළිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත […]

Breaking News