වෙරළේ තෙල් තට්ටුක් – ඇමති වාර්තාවක් ඉල්ලයි

පසුගිය දිනවල සංගමන්කන්ද වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 33ක දුරකින් පිහිටි විදේශීය නැවක සිදුවු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බව ධීවරයන් සොයාගෙන තිබේ.

මේ හේතුව නිසා භීතියට පත් ධීවරයන් 04 දින ධීවර කටයුතු වලින් වැලකී සිට ඇත.

මෙම කරුණ පිළිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත වාර්තා කිරීමෙන් පසු ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිත ආයතනයේ සභාපති අචාර්ය නවරත්නරාජා මහතා හා එම ආයතනයේ නිලධාරීන් කැදවු අමාත්‍යවරයා මේ පිළිබදව සාකච්ඡාවක් පවත්වා වහාම වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත් මෙම ධීවරයන්ට ඇති වී ඇති බිය හා සැකය පිළිබද සොයා බලා ඒ පිළිබද සත්‍ය තත්වය තමා වෙත දන්වන ලෙසත් උපදෙස් ලබා දී ඇත.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්‍රවාහය නිසා New Diamond නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආපදාවට පත්වූ නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මේ වනවිට පවතියි

Next Post

2/3කින් සම්මත කර ගැනීමත් අර්බුදයක් - ඇමතිවරු කීපදෙනෙක් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඒ අතර

Tue Sep 8 , 2020
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත් කිරීම, ඇමති වරුන් ගණනට තිබූ සීමා ඉවත් කිරීම හා විගණන පනත අහෝසි කිරීමට විරෝධය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කීපයකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු  ඇතුළු  මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීම පිළිබඳ […]