ඉංග්‍රීසි අකුරක්වත් බැරිව කැම්පස් ඇවිත් ෆස්ට් ක්ලාස් ඉංජිනේරු උපාධියක් ගත්ත සුපිරි වැඩ්ඩා

කට්ට කාගෙන ජීවිතේ ජයගත්ත ට්ට කාගෙන ජීවිතේ ජයගත්ත මිනිසුන්ට හදවතින්ම සතු වෙන්න පුළුවන්. මොකද සටකපට විදියට ජීවිතේ ජය ගත්තේ නැහැ කියලා ඒ අයගේ හිත හැම වෙලාවෙම කෑගහලා කියන හින්දා. අපේ කතානායක තරැණයා හර්ෂ චාමරත් එහෙම කෙනෙක්. ඉංග්‍රීසි අකුරක්වත් බැරිව කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයට පය ගහපු හර්ෂ අද ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. ඒ වගේම ප්‍රසිද්ධ තැන්වල ආරාධිත දේශන පවත්වන්න යනවා. ඒකත් පැත්තකින් තියමුකෝ.

හර්ෂ චාමර කියන්නේ අද මොරටුව විශ්වවිද්‍යාලයත් එක්ක එකතුවෙලා තාක්ෂණික අංශයෙන් අලුත් අලුත් පර්යේෂණවලට යොමු වී ඉන්න දක්ෂ තරැණයෙක්. කණ්ඩායමක් හැටියට එකතු වෙලා ඔවුන් රටට ඉදිරිපත් කරන්න හදන අලුත්ම දේ තමයි අහක දමන ප්ලාස්ටික් උපයෝගී කරගෙන නිපදවන්න යන බෑග් සහ ටයිල්. මේවා පරිසර හිතකාමී විදියට තමය නිෂ්පාදනය කරන්න සැලසුම් කරලා තිබෙන්නේ.

ඉතිං අපි අර මුලින් කිව්ව වගේ ඈත ගමකින් එහෙමත් නැත්නම් නුවරඑළිය වගේ ප්‍රදේශයකින් කොළඹට ආපු හර්ෂ චාමරගේ මුල් වකවානුව කොහොමද කොයිතරම් කටුකද කියලා බලමු. “මම නුවරඑළියේ පොඩි පවුලක ඉපදුණු කෙනෙක් පවුලේ දෙවැනියා. මට අක්කා කෙනෙක් ඉන්නවා. අම්මා තාත්තා දෙන්නම ගොවිතැන තමයි මූලික ආදායම් මාර්ගය කර ගත්තේ” හර්ෂ චාමර මුලින්ම අධ්‍යාපනය ලැබුවේ නුවරඑළියේ පෙන්ටර්න් මහා විද්‍යාලයෙන්. මේ විද්‍යාලයෙන් 5 ශිෂ්‍යත්වය සමත්වුණු හර්ෂට ඊළඟට ඇතුළුවෙන්න ලැබුණේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට.

මේ විද්‍යාලයේ අවුරැදු කිහිපයක ගත කරපු හර්ෂ ආපහු සැරයක නුවරඑළියට ඇවිත් ගාමිණී මහා විද්‍යාලයට ඇතුළත් වෙලා සාමාන්‍ය පෙළත් උසස් පෙළත් සමත් වුණා. “මගේ එකම අරමුණ වුණෙ ගණිත අංශයෙන් උසස් පෙළ කරලා මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත වෙන්නයි. ඇතුළුවෙලා ගෘහ ඒපජඩඪබඥජබභපඥ) නිර්මාණ ශිල්පය( පැත්තෙන් ඉහළට යන්නයි. ඒක මගේ හීනයක් වගේ හිතේ තිබුණ දෙයක්.” හර්ෂ මේ වෙනුවෙන් විශාල කාලයක් හා ශ්‍රමයකුත් වැය කළා. මොකද මේ වෙද්දි නුවරඑළිය පළාතේ ගණිත –විද්‍යා අංශවලින් අධ්‍යාපනය ලබපු කිසිම සිසුවකුට අමතර පන්ති හොයාගන්න පුළුවන් වී තිබුණේ නැති නිසා.

මේ නිසාම හර්ෂ ටියුෂන් ආවෙත් මහනුවරට. “උදේ පාන්දර 4.00 ගෙදරින් පිටත්වුණු මම ගෙදර යනකොට රෑ දහයත් වුණා. ඔය විදියට අමාරැවෙන් උස පෙළ කරපු හර්ෂ ඉඩ ලැබෙන වෙලාවල ඒ දැනුම නුවරඑළිය එස්.ඕ.එස්. ළමා ගම්මාන ෙ අහිංසක දරැවන්ට බෙදා දෙන්නත අමතක කළේ නැහැ. මේ විදිහට උසස් පෙළ දෙවරක් කළත් හර්ෂගේ අරමු ඉටුකරගන්න බැරි වුණා. ඔහුට පළ මුවැනි කැඳවීම ලැබිලා තිබුණෙත කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා විතරයි. ඊළඟට දෙවැනි වතාවේ ඔහුට සුදුසුකම් අනුව ඇතුළුවීමට වරම් ලැබී තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයටයි. හැබැයි හර්ෂ මේ අවස්ථා දෙකම මඟහැරියා.

“ඔහොම ඉන්නකොට තමයි මට මොරටුව විශ්වවිද්‍යාලයෙන කැඳවීමක් ලැබුණේ. ඒ පුරප්පා පවතින තත්ත්වයක් යටතේ මාව ඒ විශ්වවිද්‍යාලයට තෝරා ගත්තා කියලා. ඒ ප්‍රවාහන හා සැපයුම් කළමනාකාර දෙපාර්තමේන්තුවට. මම ඒකට කැමැති වුණා. මොකද මට ඉගෙන ගන්න තියෙන්නේ අර මම කැමැති විෂය ඉගෙන ගත්ත ළමයිත් එක්කම නිසා.” ලැබුණු මේ අහඹු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තමන් කැමැති සරසවියට ආවත් එහිදී ඔහුට වැඩිපුර වැඩ කටයුතු කරන්නට සිදුවී තිබුණේ ඉංග්‍රීසියෙන්. “ඇත්තටම මුල් දවසේ මට මාව හදුන්වා දීලා කරන්න තිබුණු කතාවක් කරන්න තිබුණේ ඉංග්‍රීසියෙන්.

ඒත් මට එහෙම කරන්න බැහැ. ඇත්තටම කියනවා නම් මම ඒ කතාව කළේ නැහැ.” මේ විදිහට ඉංග්‍රීසි භාෂාවට බිය වී මුලුගැන්වී සිටි හර්ෂට ගැවල ක්ලබ් එක වගේම ටෝස්මාස්ටර් වැනි ඉංග්‍රීසි භාෂාවට අත්වැලක් සපයන සංගම් ගැනත් අහන්න ලැබුණේ අහම්බෙන්. ඔහු ඒ සංගම්වලට බැදුණා. “මුලින්ම මම ගියේ ගැවල් ක්ලබ් එකට. ඒ ගිහින් මාස 6ක් විතර අනිත් අය ඉංග්‍රීසි කතා කරන විදිහඅහගෙන හිටියා. මොකද මම කතා කරන්න බයෙනුයි සිටියේ” අලුතින් සංගමයට ඇතුළුවුණු මේ සාමාජිකයා දෙස අවධානය යොමු කළ වැඩිමහල් සාමාජිකයෙක් හර්ෂට කිට්ටු කරලා මෙහෙම කිව්වා. “ඔහොම ඉන්න එපා. අමාරැවෙන් හරි කතා කරන්න. එතැන හිටිවැඩිමහලු සහෝදරියක් හර්ෂට වගකීමක් පැවරැවේ ඔහුගේ මේ බිය නැති කරන්නයි.

ඒ අනුව ඔහුට කාලය සටහන් කරන්නාගේ කාර්යභාරය නඊඩඥ ඊඪථඥප ගැ කතාවක් කරන්නට ලැබුණා. ඒක තත්පර 30 ක පුංචි කතාවක්. “මම ඒ කතාව කලින් කියවන්නටකියලා ලියාගෙන දස වතාවක් විතර කටපාඩම් කළා. ඒකම තමයි පළ කතාව කළේ. මේ විදිහට ඉංග්‍රීසි භාෂාව ඉදිරි ෙ සැක බිය අමතක කර දැමූ හර්ෂ ඊළඟට සූදානම් වුණේ එතැන් සිට තමන්ගේ අරමුණු කරා යන ගමනටයි. එසේ අධිෂ්ඨානශීලීව කටයුතු කළ ඔ ඉන්පසු කාලෙක “ඔලිම්පියාඩ් එක්ස්”හ සංචිත අවසන් පූර්ව තරගවලට පවා සහභාගි වීමට තරම් ඉංග්‍රීස භාෂාවෙන් සන්නද්ධ වුණා.

“මම පිරිමි ළමයෙක් කරන බාහි වැඩ කටයුතුවලින් හුඟාක් ඈත්වුණා. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නම වැඩි කාලයක් ගත කළා. ඒ ගැන බොහො දේ කියෙව්වා. මේ කාලය වෙද්දී හර්ෂ තවත් යමක් තේරැම් ගත්තා. ඒ තමයි පොතට පතට විතරක් ඇල ගැලී සිටීම සුදුසු නැහැ කියලා. ඒ අනුව ඔහු ගැවල් ක්ලබ් එකට අමතරව සරසවියේ තියෙන වෙනත සංගම්වලටත් බැදිලා පොදු වැඩවලට සහභාගි වුණා. තමන්ට එකෙන හදාරන්න බැරිවුණු ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳවත් ඔහුගේ අවධානය යොමු වුණේ එතැන ඉඳලා. “ඒ අනුව මම ගැවල් ක්ලබ් එකෙ වගේම ටෝස්මාර්ටර් එකෙන් ඒ වගේම සරසවි සංගම්වලින් කරන පොදු උත්සවවලදීත් පසුතල නිර්මාණ භාර අරගෙන කරන්න පෙලඹුණා.

ඒ වගේම මම කථික තරගවලටත සම්බන්ධ වෙන්න පටන් ගත්තා. ඔන්න ඔහොම තමයි මම ඉංග්‍රීසි භාෂාව තවදුරටත් ප්‍රගුණ කරන්න පටන ගත්තේ. මම වැරැදි වැරැදි ඉංග්‍රීස කතා කළා. එහෙම කතා කරලා වැරැදි හදාගත්ත මම විශ්වවිද්‍යාලයේම ළමයින්ව එකතු කරගෙන ඉංග්‍රීසි භාෂා සංගමයකුත් හදාගත්තා. මොකද මම වගේම ඈත ගම්වලින් ආ හුඟ දෙනකුටත් මුලදී ඉංග්‍රීසි භාෂාව බැරිවයි හිටියේ”හර්ෂ චාමර මහ පුදුමාකාර අධිෂ්ඨානශීලී තරැණයෙකි. ඔ මේ අධිෂ්ඨානය හා කැපවීම නිසාම විශ්වවිද්‍යාල ජීවිතයේ තුන්වැනි වසර වෙද්දී එහි කැපී පෙනෙන චරිතයක බවට පත්වූයේ සියලු අංශවලදී හා සංගම්වලදී දක්ෂතා පෙන්වමින්. ඒ කූටප්‍රාප්තිය සිද්ධවුණේ එම වසරේදී ඔහුට ගැවල් ක්ලබ්හි උප සභාපති ධුරය ලැබීමත් සමඟයි.

“ඉංග්‍රීසි අකුරක්වත් බැරිව ඒ ක්ලබ් එකේම මුල්ලකට වෙලා හිටපු මට උප සභාපති ධුරයක් ලැබුණු එක ගැන මටම පුදුම හිතුණා. පසු කාලයේදී මම ඒ ගැවල් ක්ලබ් එකේ සභාපතිත වුණා. ඇත්තටම ඒක මාරයි. හර්ෂ සිනාසෙමින් කිව්වා. මේ කාලය වෙද්දී ඔහු මාස්ටර් සංගමයේ ප්‍රධාන පසුතල නිර්මාණ ශිල්පියා වූයේද හර්ෂයි. එපමණ නොව මෙම සමාගම් නියෝජනය කරන කුඩා දරැවන්ව මානසිකව දියුණුු කරන දේශන පැවැත්වීමේ වගකීම ලැබුණේද හර්ෂටය. ඒ වන විට හර්ෂගේ ඉංග්‍රීස භාෂාව තිබුණේ එතරම්ම දියු මට්ටමකයි. හර්ෂ චාමර මේ ආකාරයට තමන්ගේ භාෂා දැනුම වර්ධනය කර ගනිද්දි තමන් ඉගෙන ගන්නා සැපයුම් දාම කළමනාකරණය විෂයට අදාළ නිබන්ධන හා ඊට අවශ්‍ය බාහි දැනුම ලබා ගන්නටද අමතක කළෙ නෑ. “මම මගේ අධ්‍යයන කාලය තුළදී විශ්වවිද්‍යාලයේ සියලු විභාගවලට හොදින් මුහුණ දුන්නා. සියලු විභාගවලදී ඉහළම ලකුණු ගත්තා.

සමහර අවස්ථාවලදී පළමුවැනියා විදිහට ලකුණු ගත්තා. ඊට පස්සේ පුහුණුවීම් සඳහා විවිධ ආයතනවලට ඇතුළු වුණාමත මගේ දක්ෂතා පෙන්වන්න ප්‍රවර්ධන වැඩසටහන් හදුන්වා දුන්නා. ඒවා සාර්ථකව ඉටු කළා. මම මේ හැම දෙයක්ම කළේ උනන්දුවෙන් හා කැපවීමෙන්.” සාමාන්‍යයෙන් අපි එක්ක ජීවත්වන බොහෝ තරැණ උදවිය අධිෂ්ඨානශීලීව අනාගතය සකසා ගන්නට වෙර දරන්නේ නැහැ. අලුත අලුත් දේවල් එක්ක ඉදිරියට යන්න හදන්නේ නැහැ. ඒත් හර්ෂ චාමර ඒ තරැණයන් අතරට වැටෙන්නේ නැහැ. ඔහු ආදර්ශවත් චරිතයක්. “මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළේ පළමු පෙළ සාමාර්ථයක ඕඵජ අරගෙනයි. ( ගෙෳරව) මේ ගමන එන්න මට උදවු වුණු මගේ අම්මා තාත්තා දෙන්නා හැම වෙලාවෙම සෙවණැල්ල වගේ මාත් එක්ක හිටියා මට ජීවත්වෙන්න මුදල් එව්වා.

හැබැයි මම කොළඹට වෙලා ගත කරපු දුප්පත් ජීවිතේ ඒ ගොල්ලො දැනගෙන හිටියේ නැහැ. මම නේවාසිකාගාරයට වෙලා හරියට කෑමක් බීමක් ගැන හිතන්නේ නැතිව පාඩම් කළා. විභාග ළං වෙද්දී මම නිදාගත්තෙම නැහැ. ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති කාලේ ඒවා පාඩම් කළෙත් මාර කට්ටක් කාලයි. දුක විඳලයි. ඒත් දැන් මම ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරැවරයෙක් හැටියටත කටයුතු කරනවා. අවුරැදු පහක ඇතුළත මම කරගත්ත ඒ වෙනස පිටුපස තියෙන්නේ කැපවීම. ඒක ගැන මට ආඩම්බරයි.” හර්ෂ චාමර මොරටුව විශ්වවිද්‍යාලය සමඟ එකතු වී කරන හා කළ පොදු වැඩකටයුතු බොහෝයි. ඒ අතර ඔවුන කළ පර්යේෂණ කටයුත්තක් ගැනද මෙහිදී සටහන් කළ යුතුයි. අපි එකතුවෙලා අඩු මුදලකින් අලුත උපකරණයක් හැදුවා. ඒකෙන් අහක දමන ප්ලාස්ටික් උපයෝගී කරගෙන බෑග් සහ ටයිල් හදන්න පුළුවන්. දැන් අපි නමක් තියෙන පෙෳද්ගලික ආයතනයක් සමඟ ඒ නිෂ්පාදනය කරන්න යනවා.

මීට අමතරව මම විශ්වවිද්‍යාලයේ අවසාන වසරේදී ඉදිරිපත් කළ තවත් පර්යේෂණ නිබන්ධනයක් ගැන කොරියාවේදී සාකච්ඡා කරන්න මට ඇරයුම් කර තිබෙනවා. අනාගතයේදී දවසක මම ඒ රටට ගිහින් ඒ ගැන කතා කරනවා. කොරෝනා නිසා තමයි ඒ ගමන කල ගියේ. “ඒ වගේම ඒ නිබන්ධනය විශ්වවිද්‍යාල මට්ටමින් ජාත්‍යන්තර සංවිධානයකින් එළිදක්වන්නත් කතා කර තිබෙනවා” මේ නිබන්ධනය තුළින් හර්ෂ චාමර ඉදිරිපත් කර ඇත්තේ තමා උගත් විෂය තුළින් නිර්දේශ කරන මෘදුකාංගයක් පිළිබඳවයි. මෙමඟි ඔහු කතා කරන්නේ කිසියම් ආයතනයක් අලෙවිකරණය තුළදී පැනනඟින ගැටලුවකට විසදුම් සොයා ගන්නා හැටියි. “සාමාන්‍යයෙන් මොනවා හරි භාණ්ඩයක් විකුණන කොට එම ආයතනය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා මිල අඩුකරලා එම භාණ්ඩ විකුණන කාල සීමාවක් එනවා. මේ කාලවලදී පාරිභෝගිකයන් වැඩිපුර එම භාණ්ඩ මිලදී ගන්නවා.

“එයින් පසු ටික කාලෙකට ඒ බ වැඩිපුර විකුණන එක නැවතෙනවා. මොකද පාරිභොගිකයන් සතුව ඒවා වැඩිපුර තිබෙන හින්දා. මෙන්න මේ වගේ පරිසරයකදී ආයතනය නැවතත් අලෙවිය වැඩි කර ගන්න කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණය තමය මම ඒ මෘදුකාංගයෙන් පවසන්නේ. ඉංග්‍රීසි අකුරක්වත් බැරිව නුවරඑළියේ සිට කොළඹ නගරයට ආ හර්ෂ චාමරගේ අද තත්ත්වය එහෙමයි. සැබැවින්ම ඔහු අධිෂ්ඨානශීලී ආදර්ශවත චරිතයක්. ඒ චරිතයෙන් ගමේ විතරක් නෙමෙයි නගරයේ හැදී වැඩෙන තරැණ පරපුරටත් ලබාගත හැකි ආදර්ශ බොහෝමයි.

Next Post

ගිනි ගන්නා නැවේ අලුත්ම තත්වය මෙන්න

Mon Sep 7 , 2020
නිව් ඩයමන්ඩ් නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. නෞකාව රඳවා තිබෙන සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග හටගත් අධික සුළං ප්‍රවාහයන් නෞකාවේ අභ්‍යන්තරයේ පැවති ගිනි පුපුරු හා අධික උෂ්ණත්වයට බලපෑ‍ම මත පාලනය කර තිබූ […]

Breaking News