අම්මලාට නිගරු කරමින් හදපු ෆේස්බුක් ගෘප් එකේ නියමුවා මෙන්න

සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් ෆේස්බුක් සමූහයක් වූ ‘අම්මලාට ආසා කොල්ලෝ’ සමූහය පවත්වාගෙන ගිය එහි ක්‍රියාකරු වූ 27 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අප.රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සමාජ මාධ්‍ය අප.රාධ විමර්ශන අංශය මඟින් අත් අඩoගුවට ගෙන තිබේ.

දැඩි සේ විවේචනයට ලක් වූ මෙම ෆේස්බුක් සමූහය පිළිබඳව එම අංශය විසින් සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා අ.ත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැක කාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා මීට වසරකට ඉහතදී පොලිස් සේවයට බැඳී ඇති බව පොලිසිය පවසයි. අත් අඩoගුවට පත්වන අවස්ථාවේදී ඔහු ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිට ඇත. ඔහු අවිවාහකයකු වන බවද පොලිසිය පවසයි.මෙම සමූහයේ සාමාජිකයෝ 600කට ආසන්න පිරිසක් සිටිති.

සී.අයි.ඩී ප්‍රධාන නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, එහි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්, කාන්තා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිනි දර්ශිකා කුමාරි යන නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය යටතේ එහි සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයශ්‍රි මහතා ඇතුළු නිලධාරීහු මෙම සැක කරු අත් අඩoගුවට ගෙන ඉදිරි විමර්ශන සිදු කරති.

Next Post

ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කල පාර්ලිමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකට හා තව දෙදෙනෙකුට ලැබුන තෑග්ග

Fri Sep 4 , 2020
ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු තිදෙනකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වෙයි. මාරු කෙරුණු අනෙක් දෙදෙනා උප පොලිස් පරීක්ෂකවරියක හා පොලිස් කොස්තාපල්වරයෙකි. ඉහත සඳහන් කළ ප්‍රභූවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සිටියදී ඔහුගේ ආරක්ෂක නිලධාරියකු […]