නෞකාවේ ගින්න වැඩිවෙයි – පිපිරීමක් වෙයිද? රසායන ඉංජිනේරු සජිත් හෙලි කරණ සම්පූර්ණ විස්තර මෙන්න

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබෙන ඉන්ධන නෞකාව මේ වන විටත් ගිනි ගනිමින් පවතී.ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික යාත්‍රා කිහිපයක් උත්සාහ දැරුවද එය පාලනය කිරීමට මෙතෙක් හැකිව නැත.

නෞකාවේ කපිතාන්වරයා සමඟ සාකච්ඡා කරමින් එම නෞකාවේ සැලැස්ම පිළිබඳ අවබෝධයෙන් මෙම ගින්න පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව නාවුක හමුදාව කියයි.දැනටමත් අනතුරු අඟවා ඇත්තේ මෙම නැවේ තෙල් මුහුදට එක් වුවහොත් ලංකාවේ මුහුදු කලාපයටද දැඩි ලෙස බලපෑම් එල්ල වනු ඇති බවයි.

ඊයේ දිනයේදී වැඩියෙන්ම කතාබහට ලක්වෙච්ච සංසිද්ධිය….

නම- “MT NEW DIAMOND“
නැව තෙල් ප්‍රවාහනය කරන(ඔයිල් ටෑන්කර් )එකක්.පැනමා ධජය යටතේ යාත්‍රා කරන්නෙ.නැව පිටත් වෙලා එන්නේ කුවේටයේ මිනා අල් අහ්මදි වරායෙන්.නැවේ ගමනාන්තය -ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ පරදීප් වරාය NDTV කියන ලෙස ඉන්දියානු තෙල් සමාගමට තෙල් ප්‍රවාහනය කරන්නේ නැවේ ඉසිලුම් ධාරිතාව -ටොන් 299986 බව නාවික හමුදාව සඳහන් කරන්නේ සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් නැගෙනහිර මුහුදේ නෞකාව ස්ථානගත කර ඇති බව නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇත.එය මෙතෙක් ප්‍රධාන තෙල් ටැංකි පිහිටා ඇති ප්‍රදේශ වෙත පැතිරගොස් නොමැත.

අපි මේ පිලිබදව ඉංජිනේරු සජිත් ගමගේ ගෙන් විමසුවා… ඇත්තටම ඔහු අපිට මේ පිලිබදව සරලව ගැඹුරින් විස්තර කලා… ඒ සවිස්තරය පහතින්….

1. Oil Tanker එකක් කියන්නෙ මොකද්ද?

සරලවම බොරතෙල් හරි පිරිපහදු කරපු පෙට්‍රෝලියම් නිෂ්පාදන හරි එක තැනක ඉදන් තව තැනකට ප්‍රවාහනය කරන නැව් වලට තමයි oil tankers කියන්නෙ. Oil tanker එකක පරිමාවෙන් වැඩි ඉඩක් වෙන් වෙන්නෙ තෙල් ගබඩා කරන යෝධ ටැංකි වලට. එන්ජින් කාමරය, සේවකයින් නවාතැන් ගන්න තැන් වලට එහෙම ඉතුරු ඉඩ වෙන් වෙනවා. Oil tankers වල size එකේ හැටියට වර්ග කරන්න පුලුවන්. මේකට කියන්නෙ tanker class එක කියල. එහෙම tanker classes කීපයක් තියෙනව.Panamax, Aframax, Suezmax, Very Large Crude Carrier (VLCC), Ultra Large Crude Carrier (ULCC) කියලා. Panamax, Suezmax වගේ නම් වැටිලා තියෙන්නෙ පැනමා ඇළ, සූවස් ඇළ හරහා යන්න පුළුවන් උපරිම විශාලත්වය කියන එකට.Oil Tanker එකක safety කියන එක සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නැවකටත් වඩා වැඩියෙන් තියෙන්න ඕන. මොකද ප්‍රවාහනය කරන්නෙ එසේ මෙසේ දෙයක් නොවන නිසා.

2. මුහුදට Oil Spill එකක් වෙන්නෙ කොහොමද?

Oil Tanker එකකින් වගේම තෙල් පොළොවෙ ඉදන් උඩට ගන්න Oil Rigs වලිනුත් oil spills වෙන්න පුලුවන්. දැනට ලංකාවෙ oil rigs නෑනෙ. Oil Tankers ගැන බලමු ඒ නිසා. Oil Spill එකක් වෙන එක නවත්තන්න tanker එකක තියෙන ප්‍රධානම feature එක තමයි double hull design කියන්නෙ. ඒ කියන්නෙ නැවේ බදවල් දෙකක් කියන එකයි සරලව. එතකොට outer hull එකට damage එකක් උනොත් inner hull එක නිසාත් inner hull එකට damage එකක් උනොත් outer hull එක නිසාත් තෙල් මුහුදට කාන්දු වෙන එක වළකිනවා. ජාත්‍යන්තර නීති අනුව 2010 ඉදන් oil tankers වල double hull design එක තියෙන්න ඕන. එහෙමයි කියලා හැබැයි serious damage එකකදි oil spill එකක් වෙන්නෙ නෑ කියන්න බෑ. දැනට ලැබෙන තොරතුරු අනුව මේ MT Diamonds කියන නැව පුපුරා යන්නත් පුලුවන් කියලා තියෙනවා.දැනට ලෝකෙ වෙලා තියෙන දරුණුම Oil Spills දහය අතරින් 6ක්ම වෙලා තියෙන්නෙ Oil Tankers වලින්. එතනිනුත් ලොකුම එක වෙන Atlantic Express කියන tanker එක නිසා බොරතෙල් ටොන් 287,000ක් මුහුදට එකතු වෙලා තියෙනවා. දැනට ඔය ගිනි ගන්නව කියන නැවේ බොරතෙල් ටොන් 270,000ක් සහ ඩීසල් ටොන් 1700ක් තියෙන බව සදහන් වෙනවා. වැරදිලාවත් හරි ඒ ප්‍රමාණය මුහුදට එකතු උනොත් ලේසි වෙන්නෙ නෑ.

3. ලංකාව අවට මුහුදෙ Oil Spill එකක් උනොත් මොකද කරන්නෙ?

ලංකාවට අයත් මුහුදු සීමාවෙ අවුරුද්දකට දළ වශයෙන් ටොන් මිලියන 525ක විතර තෙල් එහා මෙහා ගෙනියනවා. විශේෂයෙන් කාර්‍යබහුල මුහුදු මාර්ගයක් ළග පිහිටලා තියෙන නිසා අපටත් මේ Oil Spills වල threat එක ලොකුවටම තියෙනවා. ඒ නිසාම Marine Environment Protection Authority එහෙම නැත්තන් සමුද්‍ර ආරක්ෂක අධිකාරියෙන් National Oil Spill Contingency Plan එකක් හදලා Marine Pollution Prevention Act එක යටතේ 2008 දි සම්මත කරගෙන තියෙනවා. මෙතෙන්දි Oil Spills කාණ්ඩ එහෙම නැත්තන් Tiers 3 කට වෙන් කරලා වෙන වෙනම Action Plans හදලා තියෙනවා.

Tier 1 – තෙල් ටොන් 50ට අඩු කාන්දු වීම්
Tier 2 – ටොන් 50ත් 100ත් අතර කාන්දු වීම්
Tier 3 – ටොන් 100ට වැඩි කාන්දු වීම්

හදිසියෙවත් මේ නැවෙන් තෙල් කාන්දු වෙන්න ගත්තොත් (එහෙම නොවේවා කියලා පතමු) මේක අයිති වෙන්නෙ tier 3 වලට. එතෙන්දි ජාත්‍යන්තර සහය ගන්න වෙනවා මොකද අපේ රටට තාම මෙච්චර ලොකු operation එකක් handle කරන්න ඕන කරන සම්පත් නෑ. ඒ වගේම තමයි Tier 3 oil spill එකක් වැටෙන්නෙ ආපදා කළමණාකරණ පනත යටතට. ඒ කියන්නෙ ජනාධිපතිතුමා විසින් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරනවා oil spill එකේ magnitude එක අනුව. මේ නැවේ තියෙන තෙල් සේරම කාන්දු වෙන්න ගත්තොත් මේකත් එහෙම අවස්ථාවක් තමයි.

4. වගකිව යුත්තන්ට මොකද වෙන්නෙ?

මෙහෙම අවස්ථාවකදි නැව අයිති සමාගමට සිද්ධ වෙනවා oil spill එක clean කරන operation එකේ වියදම වගේම සිද්ධ වෙන ආර්ථික, පාරිසරික හානියට වන්දියක් අපේ රටට ගෙවන්න.මේක ජාතික ආපදා තත්ත්වයකට හැරවුනොත් අපේ රටේ ආරක්ෂක, ආර්ථික, ආපදා කළමණාකරණ, වරාය, විදේශ සබදතා, ධීවර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ සේරටම වගේ එකට වැඩ කරන්න වගකීම් පැවරෙනවා.

5. Oil Spill එකක් උනොත් පිළිසකර කරන්නෙ කොහොමද?

මේක ලේසි වෙන්නෙ නෑ. දැනට ලෝකෙ වැඩිම පාරිසරික හානියක් උන oil spill එක කියල සලකන්නෙ Exxon Valdez oil spill එක. මේක උනේ ඇලස්කාවෙ. බොරතෙල් ටොන් 37,000ක්. මේ වගේම තමයි අපේ නැගෙනහිර මුහුදත්. තල්මසුන්, ඩොල්ෆින් වගේ සත්තුන්ගෙන් පිරිලා. මේක clean up කරන්න මිනිස්සු 11000ක් සහභාගී උනත් අයින් කරන්න පුලුවන් කම ලැබුනෙ 10%ක් වගේ ප්‍රමාණයක්. මේකෙන් උන පරිසර හානිය යථා තත්ත්වයට පත්වෙන්න අවුරුදු 30ක් යයි කියල කියන්නෙ.

ඉතින් මේ දැනට ගිනිගනිමින් පවතින නැවත් එන්න එන්න වෙරළ දෙසට ලං වෙමින් තියෙන නිසා අපේ පරිසර පද්ධතියටත් හාන් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

එම ගින්න හේතුවෙන් ඉන්දියන් සාගරයට බොර තෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑදහයක් (2,70,000) පමණ මුසු වීමේ අවදානමක් පවතින බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පෙන්වා දුන්නේය.

‘‘කුවේට් සිට ඉන්දියාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ MT New Diamend” නමැති නෞකාවක් ඊයේ (03 වැනිදා) පෙරවරු 8.30ටපමණ මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත.

මෙම නෞකාවේ කුවේට් සිට ඉන්දියාව දක්වා බොර තෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් සහ නැවට යොදා ගන්නා ඩීසල් මෙට්‍රික් ටොන් 1700ක් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන බවද සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය පෙන්වා දෙයි.

නැවේ මුළුතැන්ගෙයි ගෑස් නළයක් පුපුරා යෑමෙන් ගින්න ඇති වී ඇති අතර එය ක්‍රමයෙන් ව්‍යාප්ත වී තිබේ. නැවේ කපිතාන්වරයා ගින්න ඇති වූ සැණින් එය පාලනය කිරීමට කටයුතු නොකර එම ගින්න ඇති වූ තට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. මේ නිසා ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ.අනතුරුව නැවේ කපිතාන්වරයා විසින් සිදු කර ඇත්තේ නැවේ කාර්ය මණ්ඩලයේ 19 දෙනකු වෙනත් නැවකට යැවීමට කටයුතු කිරීමයි.

ගින්න හේතුවෙන් පුද්ගලයකු නැවේ මුළුතැන්ගෙය තුළ සිරවී සිටින බවටද තොරතුරු ලැබී ඇතැයි සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය සඳහන් කළේය.කපිතාන්වරයා සහ තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනකු නැවේ සරවී සිටි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන් බේරාගත්තේය. තුවාල ලැබ සිටි එක් අයකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන විත් කල්මුනේ රෝහලට ඇතුළත් කළේය.

ගින්න සැලවීමත් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, රණවැසි නෞකා හා ඩෝරා යාත්‍රාවක්ද, ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රෆ්ට් යාත්‍රාව හා හෙලිකොප්ටරයක් යොදවා උදෑසන සිට මෙහෙයුමක් ඇරැඹීය.මෙම මෙහෙයුමට එක්වීමට හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ රුසියානු යුද නෞකා තුනක්ද පිටව ගොස් තිබිණි.ඉන්දිය වෙරළාරක්ෂක නෞකා තුනක් හා ඩ්‍රෝන යාත්‍රාවක්ද ඊයේ (03 වැනිදා) පස්වරුව වන විට මෙහෙයුමට එක් විය.

ග්‍රීක සමාගමකට අයත් නැව මුදාගැනීමේ මෙහෙයුමට එක්වීමට එම සමාගමේ විදේශකයන් විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත විය.මෙම නැව පුපුරා ගියහොත් උතුරු, නැගෙනහිර හා දකුණු වෙරළ තීරයට තෙල් ගලායාමේ අවදානමක්ද ඇති බවත්, මෙම ප්‍රදේශයේ සිටින තල්මසුන්, කැස්බෑවුන්, ඩොල්පින් ඇතුළු මත්ස්‍යන් විනාශ වීමේ සම්භාවිතාවක් ඇති බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පේනවා දුන්නේය.

වෙරළ ප්‍රදේශවල ජනතාවට සැර වායු දූෂණයේ බලපෑම මෙන්ම සමේ රෝග ඇතිවීමේ අවදානමක් ද තෙල් නැව පුපුරා ගියහොත් ඇතිවිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් මෙරට සමුද්‍ර පරිසර පද්ධතියට පමණක් නොව ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල පරිසර පද්ධතියටද දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අඟවයි.මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ දී ඊයේ (03 වැනිදා) සවස පැවැත්වුණි. නැවට ගොස් ගින්න නිවනවා හැර පිටත සිට ගින්න නිවීමට අපහසු තත්ත්වයක් පවතින බවද මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දියානු නෞකා එක්ව තෙල් නැවේ ගින්න පාලනයට නැවේ එංජිම සිසිලනය කරමින් වතුර ගැසීමට පටන් ගෙන තිබූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ පැවැසීය.මෙම මෙහෙයුමේ සහායට ඉන්දිය නෞකා දෙකක් අද (04 වැනිදා) උදෑසන වන විට එම ස්ථානයට ළඟාවෙමින් තිබූ බව හෙතෙම සඳහන් කළේය. ඉන්දීය සෞර්යා නෞකාව ඊයේ (03 වැනිදා) රාත්‍රියේ දී ගින්න නිවීමේ මෙහෙයුම අරඹා තිබිණි.

දැනට අපි ප්‍රාර්ථනා කරමු තෙල් කාන්දුවක් නොවී ගින්න නිවාගන්න පුලුවන් වෙන්න කියලා.

Next Post

ශ්‍රී ලංකා ධජය ඉහළට එසැවූ ක්‍රීඩා ශූරයා හෙට්ටිපොළ හන්දියේ බිත්තර විකුණයි

Fri Sep 4 , 2020
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි ඇතැම් නිලධාරීන් ජාතික ශූරතාව කුමක්ද කියා දන්නේ නෑ. කනිෂ්ඨ  තරගවලින් ජය ගත් අයට ජාතික ශූරතාවට හා සමාන ලකුණු දුන්නා. ඒ නිසා මූලික සුදුසුකම් නැති  අයදුම්කරුවන් අද ක්‍රීඩා නිලධාරීන් ලෙස සේවය කරනවා.  ඒ වුණාට මගෙන් විතරක්  ඉංග්‍රීසි පුළුවන් ද අහනවා “මා ඉංග්‍රීසි භාෂාව නැතිව දෙස් – විදෙස් […]