ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කල පාර්ලිමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකට හා තව දෙදෙනෙකුට ලැබුන තෑග්ග


ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු තිදෙනකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වෙයි.

මාරු කෙරුණු අනෙක් දෙදෙනා උප පොලිස් පරීක්ෂකවරියක හා පොලිස් කොස්තාපල්වරයෙකි.

ඉහත සඳහන් කළ ප්‍රභූවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සිටියදී ඔහුගේ ආරක්ෂක නිලධාරියකු ප්‍රභූවරයාගේ පෞද්ගලික දෑ අඩංගු ගමන් බෑගය රැගෙන පාර්ලිමේන්තු නිලධාරි පිවිසුමෙන් ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරිනියන් දෙදෙනා හා පොලිස් කොස්තාපල්වරයා ඒ ආරක්ෂක නිලධාරියා මද වේලාවක් රඳවාගෙන එම ගමන් මල්ල පරීක්ෂා කරමින් ප්‍රභූවරයාගේ කටයුතුවලට බාධා වන ආකාරයට හැසිරී ඇතැයි සඳහන් වෙයි.

සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් බෑගය සම්බන්ධයෙන් කිසියම් වූ අවබෝධයකින් කටයුතු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් මේ සිද්ධියේදී එම තිදෙනා අනවබෝධයෙන් කටයුතු කර ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

දැනගන්නට ඇති අන්දමට මේ ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයා විසිනි.

මේ අතර පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එල්. ලියනගේ මහතා ද පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබ සිටියි.

කෙසේ වෙතත් ඔහුගේ එම ස්ථාන මාරුවීම ඉහත සිද්ධියට පෙර සාමාන්‍ය ක්‍රමවේදය අනුව සිදු වූ එකක් බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.

ලියනගේ මහතා මාරු කර යැවීමෙන් හිස් වූ පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති තනතුරට ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.පී.ඊ. ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ සිටී.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහතා ගමන් මලු පරීක්ෂා සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ ස්වාමි පුරුෂයා වීම මෙහි ඇති විශේෂත්වයයි.

Next Post

නෞකාවේ ගින්න වැඩිවෙයි - පිපිරීමක් වෙයිද? රසායන ඉංජිනේරු සජිත් හෙලි කරණ සම්පූර්ණ විස්තර මෙන්න

Fri Sep 4 , 2020
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබෙන ඉන්ධන නෞකාව මේ වන විටත් ගිනි ගනිමින් පවතී.ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික යාත්‍රා කිහිපයක් උත්සාහ දැරුවද එය පාලනය කිරීමට මෙතෙක් හැකිව නැත. නෞකාවේ කපිතාන්වරයා සමඟ සාකච්ඡා කරමින් එම නෞකාවේ සැලැස්ම පිළිබඳ අවබෝධයෙන් මෙම ගින්න පාලනය කිරීමට උත්සාහ ගනිමින් […]