රජයේ භාවිතයට නොගන්නා වාහන වෙන්දේසියට – ජනපතිගෙන් අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට අනිවාර්යය නියෝගය මෙන්න

දැනට රජය සතුව එහෙත් භාවිතයට නොගන්නා වාහන 5588ක් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

එම වාහන අතරින් වාහන 4116ක් සුළු අලුත්වැඩියා  කරන නැවත භාවිතයට ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉතිරි වාහන අපහරණය කර මුදල් ලබාගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වසරක කාලයක් සඳහා රජයට වාහන ගෙන්වීම නවත්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

සෑම බදාදා දිනයක්ම මහජන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ නිලධාරීන් අමාත්‍යාංශවල රැදී සිටීම අනිවාර්ය බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ඇතැම් අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ මහජන දිනයේදී රජයේ නිලධාරීන් අමාත්‍යාංශවල රැදී නොසිටින බවයි.

ඒ පිළිබඳව අවධානය යොමුකරමින් ජනපතිවරයා ඉහත දැනුම් දීම සිදුකර තිබේ. මෙහිදී මහජනතාව ඉදිරිපත් කරන ගැටලුවල හැකි තරම් ඒ අවස්ථාවේදීම පිළිතුරු ලබා දෙන ලෙස ජනපතිවරයා දැනුම් දී තිබේ.

Next Post

ශ්‍රී ලංකාවේ අත් ඔරලෝසු වෙලඳාම පහත වැටීමට හේතුව බන්දුල ගුණවර්ධනයන් සොයාගනී

Thu Sep 3 , 2020
ශ්‍රී ලංකාවේ අත් ඔරලෝසු වෙළඳාම ශ්‍රිඝ්‍රයෙන් පහත බැස තිබේ. මෙම තත්ත්වය පැනනැඟී ඇත්තේ ජංගම දුරකථන තාක්ෂණය අනුව වර්තමානයේ දිනය, වේලාව පවා මිනිසාට බලා ගැනීමට හැකිව තිබෙන නිසා බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන කියා සිටියි. අත් ඔරලෝසු පළඳින පිරිස පවා දැන් වැඩිපුර දකින්නට නොලැබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේ.ජංගම දුරකථනය උපයෝගී […]