ආණ්ඩුව විසින් මේ වන විට සුදුසු නැති පුද්ගලයන් ශ්‍රී ලංකාවේ විදේශ තානාපති සේවයට පත්කර ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
එම ඇතැම් පුද්ගලයන් සුගිය කාලයේ පෙනෙන දකින්න නොසිටි පුද්ගලයන් බවද උන්වහන්සේ සඳහන් කළහ.
එවන් තීන්දු තීරණ ගැනීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් හැදෑරීමක් කළ යුතුව ඇතැයි ද ආනන්ද හිමියෝ පැවසූහ.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
අද වන විට ඇතැම් මැති ඇමැතිවරුන් මහජන මතයට සවන් නොදෙන තත්ත්වයක් ද ඇති වී තිබෙන බොහෝ උන්වහන්සේ එහිදී කියා සිටියහ.
නායකයන්ගේ ප්රශස්ති ගායනා ගැයීමට තමන් සූදානම් නැති බවත් අඩුපාඩු පෙන්වාදීම ප්‍රසිද්ධියේ සිදු කරන බවත් උන්වහන්සේ එහිදී තව දුරටත් පැවසූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද පත්වීම් සම්බන්ධයෙන් බලපෑම නොකරන්නැයි කරන ලද ඉල්ලීමට එකඟ නොවන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.
එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ අද වන විට ජනාධිපතිතුමන්ගේ ඇතැම් පත්කිරීම් සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් ඇති වී තිබෙන බවයි.
ජනාධිපතිවරයාගේ ජනවරම නිර්මාණය කිරීමට තම සංවිධානය විශාල වශයෙන් මහන්සි වූ බවත් ඒ නිසා අද ඒ ජනතාවගෙන් බැනුම් අහන්නට වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
අද තමන් ඇතුළු සංවිධාන සාමජිකයන්ට බස් එකේ කෝච්චියේ යන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවක් මල ගෙදර යන්න බැරි බැරි බැරි තත්ත්වයක් උදා වී තිබෙන බවත් ජාතික බලවේග නියෝජනය කරන ජනතාව මෙම පත්කිරීම් ගැන ප්‍රශ්න කරන බවද ඔහු කියා සිටියේය.
එනිසා ජනාධිපතිතුමන් සිදුකරන සියලුම පත්කිරීම් හරි යයි කියමින් කට වසාගෙන ඉන්න පුළුවන් කමක් නැතැයි ද ඔහු පැවසීය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වසන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.
ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ඔහු එහිදී දැඩි ලෙස විරෝධය එල්ල කළේය.