නාවික හමුදාව මහ සයුරේ සටනක – ගිනිගත් තෙල් නැවෙන් අපිටත් බලපෑමක්?

සන්ගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුරින් වූ නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ගින්න හටගත් MT New Diamond නෞකාවේ කාර්ය මණ්ඩලය මුදාගැනීමේ මෙහෙයුමක් නාවික හමුදාව, ගුවන් හමුදාවේ සහය ද ඇතිව දියත් කර ඇති බවය.

ඒ අනුව නාවික හමුදාවේ සයුර සහ රණවැසි යන නෞකා ද්විත්වය ද ඩෝරා යාත්‍රාවක් ද මෙම මෙහෙයුම සඳහා යොදවා තිබේ.    

නාවික හමුදාවේ නාවික යාත්‍රා කිහිපයක් යොදවා එහි සියළු දෙනා බේරා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙසේ බේරාගන්නා ලද පිරිස 24ක් වන අතර ඉන් එක් අයෙකු තුවාල ලැබීම හේතුවෙන් රෝහල්ගත කිරීමට නියමිතව ඇත.

පැනමා රටට අයත් එම නෞකාව කුවේටයේ සිට ඉන්දියාව දක්වා ගමන් කරන අතරතුර මෙම ගින්න හට ගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, නෞකාවේ එන්ජින් කාමරයේ ඇතිවූ දෝෂයක් නිසා ගින්න හට ගන්නට ඇති බවට සැක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම නෞකාවේ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 70,000 ක් පවතින නිසා තෙල් විසුරුමක් සිදුවුවහොත් ඊට මුහුණදීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.  

Next Post

රජයේ භාවිතයට නොගන්නා වාහන වෙන්දේසියට - ජනපතිගෙන් අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට අනිවාර්යය නියෝගය මෙන්න

Thu Sep 3 , 2020
දැනට රජය සතුව එහෙත් භාවිතයට නොගන්නා වාහන 5588ක් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. එම වාහන අතරින් වාහන 4116ක් සුළු අලුත්වැඩියා  කරන නැවත භාවිතයට ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉතිරි වාහන අපහරණය කර මුදල් ලබාගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වසරක කාලයක් සඳහා රජයට වාහන ගෙන්වීම […]

Breaking News