විග්නෙෂ්වරන්ගේ ප‍්‍රකාශය ගැටළුවක් නෑ – එසේ කීමට ඔහුට අයිතියක් තියෙනවා – වාසු

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය පාර්ලිමේන්තුවේ පළ කිරීමට අයිතියක් ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එම ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.නමුත් ඔහුගේ මතයට කිසිවකු විරුද්ධ නම් ඊට විරුද්ධ වීමේ අයිතියද ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.කිසිවෙකු විරුද්ධ වූවා කියා විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය කීමේ අයිතිය නැති වෙන්නේ නැතැයිද ඇමැතිවරයා කියා සිටියේය.කොලඹ පැවති මාද්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

විශ්නේෂ්වරන් මහතාට තමාගේ මතය පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කිරීමට නිදහස තිබෙන බවත් ඊට බාධා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ තමාට හෝ නොහැකි බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී සී.වී. විග්නේෂ්වරන් මහතාට පළකළ අදහස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉල්ලා සිටි අවස්ථාවේදීය.

Next Post

මහනුවර පොලොවේ සෙලවීමට හේතු දෙකක්

Wed Sep 2 , 2020
අද (2)  උදෑසන හතයි නවයට (7.09) පමණ මහනුවර, පල්ලේකැළේ දිගන ප්‍රදේශයේ නැවත වතාවක් පොළවේ සෙලවීමක් සිදුවී ඇති අතර පසුගිය 29 වන සෙනසුරාදා මහනුවර හාරගම ප්‍රදේශයේ ඇතිවූ සෙලවීමත් සමග ජනතාව තුළ භූමි කම්පාවක් පිළිබඳ බියත් ඇති වී තිබේ. අද උදෑසන පල්ලේකැලේ ප්‍රදේශයේ වූ සිදුවීම පිළිබඳ මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට මෙන් […]

Breaking News