මහනුවර පොලොවේ සෙලවීමට හේතු දෙකක්

අද (2)  උදෑසන හතයි නවයට (7.09) පමණ මහනුවර, පල්ලේකැළේ දිගන ප්‍රදේශයේ නැවත වතාවක් පොළවේ සෙලවීමක් සිදුවී ඇති අතර පසුගිය 29 වන සෙනසුරාදා මහනුවර හාරගම ප්‍රදේශයේ ඇතිවූ සෙලවීමත් සමග ජනතාව තුළ භූමි කම්පාවක් පිළිබඳ බියත් ඇති වී තිබේ.

අද උදෑසන පල්ලේකැලේ ප්‍රදේශයේ වූ සිදුවීම පිළිබඳ මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට මෙන් ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාශයට ද වාර්තා වී ඇතැයි මහනුවර දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය.

මේ අතර, පසුගිය 29 වන සෙනසුරාදා රාත්‍රි 8.38ට පමණ මහනුවර, හාරගම හා අනුරගම ප්‍රදේශවල ද පොළවේ සෙලවීමක් සිදුවූ අතර එම ප්‍රදේශවල ජනතාව දැඩි බියට පත්ව සිටිති. එහිදී විශාල ශබ්දයක් සමග පොළොවේ සෙලවීමක් සිදුවූ අතර අවට ප්‍රදේශ ගණනාවකට මෙන් ම  පල්ලෙකැලේ ප්‍රදේශයටද එම සෙලවීම දැනී තිබිණි.

එයට ද නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත මෙම සෙලවීම් සිදුවන්නේ ද යන්න පිළබඳව  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරින් පිරිසක් මේ වන විටත් එම ප්‍රදේශයේ පරීක්ෂණවල නිරත වී සිටින බවත් එම පරීක්ෂණවලින් පසු ඔවුන්ගේ නිගමනය ඉදිරිපත් කළ හැකි බවත් ඉන්දීක රණවීර මහතා ප්‍රකාශ කර සිටී. 

මෙම සිදුවීම් දෙකත් සමග ම පල්ලේකැළේ, දිගන, ගුරුදෙණිය, හාරගම, අනුරගම සහ මයිලපිටිය ආදී ප්‍රදේශවල ජනතාව භූමි කම්පාවක් ඇති වේය යන බියෙන් පසුවෙති.

අද දින පල්ලේකැලේ ආශ්‍රිතව ඇති වු  භූකම්පන තත්ත්වයට හේතු වි ඇත්තේ වික්ටෝරියා ජලාශය ආශ්‍රීතව හට ගැනිමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිදවැටිමක් බව  භූ විද්‍යා හා සමික්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

ඊට අමතරව මෙම කම්පන තත්ත්වය භූ කම්පන නිරික්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙස සටහන් වි ඇති බවත් භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර නිවේදනයේ සදහන් වෙයි.

Next Post

අබුඩාබි නුවර අවන්හලක අනතුරෙන් ජීවිතෙන් සමුගත් ශ්‍රී ලාංකිකයා

Wed Sep 2 , 2020
අබුඩාබි නුවර සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඔහු සේවය කළ අවන්හලේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.මියගොස් ඇත්තේ 28 හැවිරිදි මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි සමිත් රංගන නමැති තරුණයෙකි. ඔහු වැලිගම, වරකපිටිය, විස්කම් උයන ගම්මානයේ පදිංචිව සිටියේය.ඔහුගේ දේහය අබුඩාබි නගරයේ රෝහලක […]