නිලධාරින් සියල්ලටම ස්ථාන මාරු – ඉහල සිට පහල දක්වා සියල්ලටම පොදුයි

පොලිස් නිලධාරීන් තමන් පදිංචි බල ප්‍රදේශයේම රාජකාරි කිරීම නොයෙකුත් අකටයුතුකම් මර්දනය අඩාළ වීමට හේතුවක් වී ඇතැයි හෙළිවී තිබේ.

එබැවින් තමා පදිංචි ප්‍රදේශයේම රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමට ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුවී ඇත.

තමන් පදිංචි ගම පිහිටි බල ප්‍රදේශවල රාජකාරි කරන සියලුම නිලධාරීන් ගැන තරාතිරම නොබලා වාර්තාවක් ලබා දෙන්නැයි ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට දැනුම් දී තිබේ.

මෙහෙයුම්වලදී අදාළ ප්‍රදේශවල සිටි නිලධාරීන් සක්‍රීය දායකත්වයක් ලබාදී නොමැත්තේ ඔවුන් ගම්බිම්වල පදිංචිකරුවන් වීම නිසා ඇති වූ හිතවත්කම් මත බව හෙළිවී තිබේ.බස්නාහිර පළාතේ මෙහෙයුම් කිරීමේදීත් මෙම තත්ත්වය බලපා ඇතැයි සඳහන් වේ.

මේ අනුව අදාළ නිලධාරීන්ගේ වාර්තා කැඳවා ඔවුන් කොපමණ කාලයක් රාජකාරි කළාද යන්න හා ඉටුකළ සේවාව ගැනද සොයා බැලීමට නියමිතය.වාර්තාව කැඳවීමේදී ඉහළ නිලධාරීන්ගේ සිට පහළටම තොරතුරු ලබා ගැනීමට තීරණය කර ඇත.

Next Post

ගහමු අත්පුඩියක් අපේ දුම්රිය දෙපාර්තුමේන්තුවට - තැපැල් රාජකාරියට එකතු වුනු පරණ මනමාලී - ජායාරූප

Wed Sep 2 , 2020
මැදිරි දෙසීයක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති යටතේ  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි  පුද්ගලික සමාගම එක්ව තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවට ගැලපෙන ලෙස වැඩ නිමවූ වසර තිස් එකක් ඉපැරණි තැපැල් දුම්රිය මැදිරිය එකසිය හැත්තෑ තුන්වෙනි මැදිරිය ලෙස පසුගියදා බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියට එක් කරනු ලැබීය. මැදිරි පන්සීයක අවශ්‍යතාවය සපුරනු පිණිස මූලික අදියරේ මැදිරි […]