පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන එන්නතක් හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීයකුට ලබා දීමෙන් පසුව එම රෝගියා මිය යාමත් සමඟ එම එන්නත රෝගීන්ට ලබා දීම තාවකාලිකව නවතා දැමූ බව හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරි මහතා පැවසීය.
ඉකුත් අගෝස්තු මස පළමු දින මෙලෙස මිය ගොස් ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඩී.එස්. මාලනී නැමැති කාන්තාවකි. ඇය දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇයගේ මරණයෙන් දින කිහිපයකට පසුව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබූ ඩී.ඒ සොමිනෝනා යන කාන්තාවට ද මෙම එන්නත දී ඇති බවත් ඇය ද සැක කටයුතු ලෙස මිය ගොස් තිබූ බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
සැකයට භාජනය වූ එන්නත රෝගීන්ට ලබාදීම නතර කර ඇති හම්බන්තොට රෝහල් පාලනාධිකාරිය මිය ගිය ඩී.එස් මාලනීගේ මරණයට එම එන්නත හේතු වී ඇත්දැයි සොයාබැලීම සදහා අදාළ අංශ දැනුම්වත් කර තිබේ.
හම්බන්තොට රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේවර්ණ මහතා පැවසුවේ එම එන්නත පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති බවයි.
රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ මෙරට ඖෂධ ගෙන්වනු ලබන ආයතන ගණනාවක් ඇති බවත් ඒවා ඉතා තරගකාරීව කටයුතු කරන බවයි.
එම නිසා වෙනත් ආයතනවල ඖෂධ පිළිබඳව බොරු මත සමාජයට මුදාහැරීම සඳහා සමහර ආයතන කටයුතු කරන බවද ඔහු පැවසීය.