අබුඩාබි නුවර සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඔහු සේවය කළ අවන්හලේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.මියගොස් ඇත්තේ 28 හැවිරිදි මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි සමිත් රංගන නමැති තරුණයෙකි.
ඔහු වැලිගම, වරකපිටිය, විස්කම් උයන ගම්මානයේ පදිංචිව සිටියේය.ඔහුගේ දේහය අබුඩාබි නගරයේ රෝහලක තැන්පත් කර ඇති බව ඥාතීහු පවසති.පවුලේ එක ම පිරිමි දරුවා වූ සමිත් රංගන සිය පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් අබුඩාබි නුවර බලා පිටත් වී තිබිණි.
ඔහු විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව එම රැකියාවට ගොස් ඇති අතර සඳුදා උදෑසන ද විවාහ ගිවිසගෙන සිටි බිරිඳ සමග දුරකතනයෙන් කතා කළ බව දෙමාපියෝ පැවසූහ.ඉකුත් සඳුදා දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි සහ එහි සංචාරක කේන්ද්‍රස්ථානය වන ඩුබායි හි සිදු වූ ගෑස් පිපිරීම් දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සහ ප්‍රාදේශීය මාධ්‍ය පවසනවා.මෙම පිපිරීමෙන් නගරයේ රෂීඩ් බින් සයීඩ් වීදියේ පිහිටි කේ එෆ් සි සහ හාඩීස් අවන්හල් හා තවත් වෙළඳසැල් කිහිපයකටද හානි සිදුවුණා.