විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කැබිනට් ඇනුමැතිය – අද රාත්‍රීයේ ගැසට් කරන කෙටුම්පතට ඇතුලත් දේ මෙන්න

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

අදාළ කෙටුම්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ ඇමැති අලි සබ්‍රී මහතා විසිනි.

විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (02) රාත්‍රීයේ ගැසට් කිරීමට නියමිත අතර එය තව සති දෙකකින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්  19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළද ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය  සම්බන්ධයෙන් වන  වගන්ති වෙනස් නොවන බව පැවසීය.

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කටත් ඔහුට ධූරය දැරිය හැකි වාර ගණන දෙකකටත් 19 වන සංශෝධයන් සීමා කර තිබිණි.

මේ අතර පාර්ලිමේන්තුවේ නිල කාලයද වසර 5 කට සීමා කෙරිණි.තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකාමක් ලෙස 19 වැනි සංශෝධනයෙන් පිළිගත් අතර එයද වෙනස් නොවන බව ඔහු කීවේය.

17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දෙනු ලැබූ ස්වාධීන කොමිසන් සභාවලට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්ද ජාතික විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම හඳුන්වා දෙනු ලැබූ අතර එම කොමිසන් සභාද තවදුරටත් පවතින බව හෙතෙම සඳහන් කළේය.

අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් පත් කර ඇති ඇමැති අනුකමිටුවට යොමු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

මහාචාර්ය ජී.එල් පීරිස් , නිමල් සිරිපාල ද සිල්වා , දිනේෂ් ගුණවර්ධන , ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරු එම කමිටුවට ඇතුළත් වෙති.

Next Post

අපි කවදා ගොඩ එන්නද ? රටේ අලුත්ම ණය තත්වය මෙන්න

Thu Sep 3 , 2020
රජයේ මුළු ණය ප්‍රමාණය මේ වසරේ (2020) මුල් මාස හය අවසානයේදී රුපියල් ට්‍රිලියනයකට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ. 2019 වසර අවසානයේදී රු. බිලියන 13,031.5 ක්ව පැවති රජයේ සමස්ත ණය ප්‍රමාණය 2020 ජූනි මස අවසානය […]

Breaking News