ආනවිලුන්දාවේ පරිසරයට කිසිදු හානියක් වෙලා නෑ – රාජ්‍ය ඇමති සනත් නිශාන්ත – ජනපතිට දන්වයි

ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.පුත්තලම දංකොටුව ප්‍රදේශයේ  පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. 

“ඊයේ උදේ ජනාධිපතිවරයා මට කථා කරලා කිව්වා. සමාජ ජාලවල යන ආනවිලුන්දාවේ පළහිලවට ඔයාගේ තියෙන සම්බන්ධය මොකක්ද? කියලා. මම ජනාධිපතිවරයාට දුන් උත්තර මගේ කිසි සම්බන්ධයක් නැහැ. මගේ වචනෙකින් හරි සම්බන්ධ නම් දඬුවමට සූදානම්. මෙය මා විසින් හෝ මගේ කෙනෙකු කළ දෙයක් නොවෙයි.  හැබැයි මගේ ගම්වැසියෙක් කරපු දෙයක්.

මේ සිදුවෙලා තියෙන කාරනය සම්බන්ධයෙන් මම ස්ථානීය පරීක්ෂාවක් කරලා මගේ ඇස් දෙකෙන් ම මම දැක්කා. මෙහි කිසිදු පරිසර හානියක්වෙලා නැහැ,” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.(උපුටා ගැනීම – අද දෙරණ පුවත් 6.55)

Next Post

චොකා මල්ලීගේ පාර්ලිමේන්තු ආසනය වෙනුවෙන් මැ.කෝ කාසියේ වාසිය උරගා බලයි

Tue Sep 1 , 2020
රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට මන්ත්‍රී ආසනය අහිමි වූවහොත් පුරප්පාඩු මන්ත්‍රී ධුරය පිරවීමට කුසපත් ඇදීමක් සිදු කරන බව මැතිවරණ කොමිෂන් බව සඳහන් කරයි. රත්නපුර දිස්ත‍්‍රික්කයේ මනාප ලයිස්තුව අනුව මීලගට සමාන මනාප ලබාගත් අපේක්ෂකයන් දෙදෙනකු සිටියි. සනී රෝහණ කොඩිතුවක්කු […]