රැම්සා අභය භූමිය වැනසූ දේශපාලන සොයුරා මෙන්

ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබල දිමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි.

මේ වන විට බන්ධ නාගාර ගත කර සිටින මෙම රැම්සා තෙත් බිම ඩෝසර් කිරිමට සම්බන්ධ ව්‍යාපාරිකයා විසින්  පොලිසියට කර ඇති පාපොච්චාරණය අනුව අදාල සිද්ධියට ආධාර අනුබල දිමේ චෝදනාවට මෙම ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව කියයි.

ආනවිළුන්දාව රැම්සා තෙත්බිමට අයත් පිංකට්ටිය කාසන්තිව් ප්‍රදේශයේ බිමක් පසුගිය 25 දින රාත්‍රියේ හා පසුදින පැය 10 කට ආසන්න කාලයක් ඩෝසර් යන්ත්‍රයක් යොදාගනිමින් ඉස්සන් ටැංකි සකසා තිබු බව කියයි.

අදාල සිද්ධියට මේ වනවිට ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු හා පොකුණු ඉස්සන් වගාවන් සිදුකරන ව්‍යාපාරිකයකු බන්ධ නාගාර ගත කර සිටි.

එම ඩෝසර් කිරිමට මේ වනවිට පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමට නියමිත ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා ප්‍රදේශයෙන් නොමැති බව අදාල සැකකරුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායම් පවසයි.

කෙසේ වෙතත් මෙම සැකකරු සොයා පොලිස් බුද්ධි අංශ ඇතුළු බුද්ධි අංශ ගණනාවක් විමර්ශන අරඹා ඇති බව කියයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේ අදාල සැකකරු ඉදිරි දින කිහිපය තුළ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි.

මෙම සිද්ධිය පිටුපස සිටින දේශපාලන සොහොයුරා කවුරුන්ද යන්න තවමත් කරුණු හෙළිදරව් වී නොමැතිමුත් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ පරිසර සංවිධාන යම් යම් ඉඟි පළ කරමින් සිටියි.

දැනගන්නට තිබෙන ආකාරයට ඊට ටික කලකට පෙර කඩොලාන කැපීමේ සිද්ධියක් හා බැඳුනු ඔක්සිජන් කතාවක් හේතුවෙන් රටේම අවධානයට ලක් වූ දේශපාලනඥයෙකුගේ සොහොයුරා මෙම සිද්ධියට අදාළ තැනැත්තා බවද සැක මතුවෙමින් පවතී.

Next Post

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත බදාදා සවස 4ට - මෛත්‍රීගේ අග්‍රඵලය නෑ - බැසිල්ට ලකී චාන්ස්

Mon Aug 31 , 2020
මේ සතියේදී යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. අමාත්‍ය මණ්ඩල රැස්වීම එළඹෙන බදාදා පස්වරු 4.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි. එහිදී අදාල කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සඳහා අධිකරණ අමාත්‍යංශය […]

Breaking News