මහනුවර හාරගම ප්රදේශයේ ඊයේ රාත්රී 8.38 ට පමණ ඇතිවු ශබ්දයක් සමග භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබේ.
ජනතාව නිවාස වලින් එළියට විත් නැවත පසු කම්පන තත්ත්වයක් ඇතිවේ යන බියෙන් විමසිලිමත්ව සිටියි.
ඇතැම් නිවාසවල බිත්තියේ තිබූ ඡායාරූප වැනි දෑ පවා බිම වැටුණු බව ජනතාව පවසති.මේ පිළිබඳව තලාතුඔය පොලිසියටද දුරකථන පණිවිඩ ලැබී තිබේ.
මහනුවර, හාරගම ප්රදේශයෙන් වාර්තා වන කම්පන තත්ත්වය ස්වභාවික භූ චලනක් විය නොහැකි බව භූ විද්යාහා පතල් කාර්යාංශය පවසයි.
එහි සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නොමැති බවයි.