කොවිඩ් වසංගතය බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සමුළුව නොපැවැත්වීමට තීරණය කර ඇත. මේ බව පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
එම උත්සවය වෙනුවට ආගමික කටයුතු බෙල්ලන්විල විහාරයේදී ලබන මස 02 වනදා පැවැත්වීමට තීරණය කළ බවයි වැඩි දුරටත් ප්‍රකාශ කලේ.
මේ අතර හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෞරවනීය තනතුරක් ලබාදිය යුතු බවට කිසිදු ඉල්ලීමක් නිදහස් පක්ෂය විසින් කර නොමැති බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.මෙම කරුණු ඊයේ (27) පක්ෂ කාර්යාලයේ පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළා.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයෙන් පළමු පෙළ පළමු ආසනය වෙන් කර දී තිබේ.
මෙම ආසනය ඔහුට වෙන් කර දී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් අනුවයි.මින් පෙර හිටපු ජනාධිපතිවරයෙකු වෙනුවෙන් වෙන්කර දී තිබුණේ ආණ්ඩු පක්ෂයේ පැත්තේ සිව්වැනි පෙලේ පලමු ආසනයයි.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරයෙකුට වෙන්වන්නේ පාර්ලිමේන්තුයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයාට හිමිවන සිවුවන පෙලේ පලමු ආසනය බවයි.නමුත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගේ ඉල්ලීම මත මෙසේ අසුන් පැනවූ බව ද ඔහු සඳහන් කළේ ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ ජයග්රහණයෙන් පසු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර තිබුනේ ජයග්‍රහණයේ අග්‍රපලය ලැබීමට නිහඬව ටික කාලයක් බලා සිටිය යුතු බවයි.