ත්‍යාග හා වෙනත් භාණ්ඩ තම නමට රේගුව වෙත ලැබී ඇතැයි පවසමින් ඒ සඳහා රේගු ගාස්තු ගෙවා භාණ්ඩ රැගෙන යන ලෙස ජනතාවට පවසන පිරිසක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක හා අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට ජනතාව දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදා දීමේ අවස්ථාවට 25දා එක් වෙමිනි. මෙහිදී සුනිල් ජයරත්න තවදුරටත් පැවැසුවේ විදේශවල සිට හා බහුජාතික සමාගම්වලින් ත්‍යාග රේගුව වෙත ලැබී තිබෙන බැවින් ඒ සඳහා වන රේගු ගාස්තු ගෙවන ලෙස ජනතාවට මෙම පිරිස විසින් දුරකථනයෙන් දන්වන බවයි.
පසුව ඒ සඳහා බැංකු ගිණුම් අංකයක් ලබාදී එම ගිණුමට මුදල් තැන්පත් කරන ලෙස අදාළ පුද්ගලයාට ඔවුන් පවසයි. මෙයින් උද්දාමයට පත් වන පුද්ගලයා කිසිදු වග විභාගයකින් තොරව අදාළ මුදල් බැංකු ගත කළපසු ඔවුහු අදාළ පුද්ගලයාව මඟ හැර යන බව සුනිල් ජයරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා රේගුව පවසන්නේ කිසියම් පුද්ගලයකු ජනතාවට එවැනි දුරකථන ඇමැතුම් ලබා දෙන විට ඒ පිළිබඳව රේගුවෙන් විමසා සිටීමට හැකි බවයි. ඒ සඳහා රේගුවේ තොරතුරු කවුළුවක් විවෘත කර තිබෙන බවත් එහි දුරකථන අංකවලට ඇමැතීමෙන් පැහැදිලි තොරතුරු ලබාගත හැකි බවද රේගුව පවසයි.
ඒ සඳහා පහත දුරකථන අංක ඇමැතීමෙන් තමන් වෙනුවෙන් රේගුවට යමක් ලැබී ඇත්දැයි තහවුරු කර ගත හැකි බවද රේගුව පවසයි. 0112221515, 0112221516, 0112221517 යන දුරකථන ඔස්සේ කරුණු තහවුරු කර ගන්නා ලෙසද ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.