මාදුරුඔය ජාතික උද්‍යානයේ සුදු අලියෙක් සැරිසරණ බවට තොරතුරු සහ එම වනඅලියාගේ ජායාරුප මේවන විට එම උද්‍යානයේ උද්‍යාන පාලක බුද්ධික විතාරණගේ මහතාගේ පුද්ගලික මුහුණු පොතේ පලකර තිබේ.
මේ සම්බන්ධයෙන් මාදුරුඔය උද්‍යාන පාලක සම්බන්ධ කර ගැනිමට උත්සාහ කලත් සම්බන්ධ කර ගැනිමට නොහැකි විය.
පොලොන්නරුව වනජිවි සහකාර අධ්‍යක්ෂක ඩබ් එම් කේ එස් චන්ද්‍ර රත්න මහතාගේන් මෙම සුදු වනඅලියා පිලිබද විමසා සිටියා.
එහෙම වනඅලියෙකු පිලිබදව තොරතුරක් ලැබිලා තියෙනවා. ඊයේ දිනයේ එම උද්‍යානයේ නිළධාරියෙකු දැකලා තිබෙනවා සුදු අලියෙකු මාදුරුඔය වැව ඉස්මත්තේ ආහාර ගනිමින් සිටිනවා. ඒ අවශ්ථාව එම නිළධාරියාගේ ජංගම දුරකථනයෙන් ජායාරුප කිපයක් අරගෙන තිබෙනවා. නමුත් ඒ පිළිබද හරියට කියන්න අමාරුයි එම සතා පිලිබද නිරික්ෂණයක් නොකර. කෙසේ නමුත් මෙවැනි සතෙකු සිටින්න පුළුවන් ජාන වෙනස් විම් තුලින්. අපි හරියට දන්නේ එම සතාගේ ශරිරයේ වෙනත් ද්රමවයක් තැවැරිමක් වෙලාද කියලා දන්නේ නැ. ජායාරුපවලින් පෙනුනාට එම සතාව පරික්ෂාවකින් තොරව කියන්න අමාරුයි. යැයි අධ්යික්ෂකවරයා කිය .
මාදුරුඔය ජාතික උද්‍යානයේ අලි පනාව
වනාන්තර වල සැරිසරන වන අලි තම සිරැර නොයෙක් ගස් හා ගල්වල අතුල්ලා ගැනීම නිසා ඇති මඩ තැවරැනු ස්ථාන වනයේ නොයෙක් ස්ථාන වල දක්නට ඇත. එවනි ස්ථාන අප හදුන්වන්නේ අලි පිට කසාගත් තැන් කියාය. නමුත් අලින් හිස හා පිට පීරන ස්ථාන මා කලින් දැක නැත. මෙවනි තැනක් දුටු මුල්ම ස්ථානය මාදුරැඔය ඡාතික උද්‍යානයේය. මෙම ස්ථානය ඇත්තේ මාදුරැඔය උද්‍යාන මූලස්ථාන පිවිසුමේ සිට උද්‍යානයේ පුධාන මාර්ගයේ කි.මී 3 පමන යනවිට හමුවන මොරපාන ලෙස හදුන්වන පුදේ්ශයේ පාර ආසන්නව වම් පසිනි. මෙම ස්ථානයේ විශල ලෙස වැඩුනු හවරි නුග ගස් දෙකක් බද්ධව වැඩී ඇති අතර එම ගස් දෙක අතර පිහිටි අඩි අටක් පලල හා අඩි නමයක් පමණ උස කුහරයක් ඇත.
මෙම නුග කුහරය හරහා වන අලින් ගමන් කිරීමේදි අලින්ගේ හිස මුදුන හා පිට කොන්ද කසා ගැනීමට හැකියාව ඇත. මෙසේ නිතර වන අලි මෙම කිුයාවේ නිරත වන බැවින් එම ස්ථානයෙන් පහලට නුග මුල් වැඩීමක්ද සිදු නොවේ. මෙම ස්ථානය වන අලින්ගේ “අලි පනා ගස” ලෙසට හදුන්වනු ඇත.