මීට මොහොතකට කලින් දිවුරුම් දුන්න ඇමති මෙන්න

සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී.

ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර තිබේ. ඉලක්ක ළගාකර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇත. ජනතාව අතරට ගොස් ගැටලු විසඳමින් අභියෝගය ජය ගැනීමට ක්‍රියා කරන්නැයි ජනාධිපතිවරයා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී සිදු කෙරිණ.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක්ව සිටියහ.

Next Post

තමන් කැමති පාටක් එදා - ශ්‍රී ලංකාවේ ඡන්ද ලකුණු සුලමුල

Wed Aug 26 , 2020
1931 පැවැති ඡන්ද විමසීමේදී අපේක්ෂක අපේක්ෂිකාවන්ට අද මෙන් ඡන්ද ලකුණු භාවිතාවක් නොවීය. නාමයෝජනා ඉදිරිපත් කළ දිනයේම ඔවුන් කැමැති පාටක් තෝරාගැනීමට නියම විය. සීමිත පක්ෂ කීපයක් කණ්ඩායම් කීපයක් ඉදිරිපත් වූ නිසා පාට වර්ණ බෙදා ගැනීම ඉතා පහසු විය. ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයාගේ වර්ණයෙන් යුත් ඡන්ද පෙට්ටියට පත්‍රිකාව දැමීමට ඡන්දදායකයාට නියම විය. […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News