දිවයිනපුරා ඉකුත් 17 වැනිදා විදුලිය බිඳවැටීම කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් ඇති වූවක් බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත.
කෙරවලපිටිය උප බලාගාරයේ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වූ බවත් ඒ හේතුවෙන් මුළු රටටම පැය හයකුත් විනාඩි 16 ක් විදුලිය නොමැතිව තිබූ බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් අත්පොතක් හෝ නොමැතිවීම ගැටලුකාරී තත්ත්වයක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
දිවයිනපුරා ඉකුත් 17 වැනිදා ඇතිවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට විදුලි බල අමාත්‍යාංශයෙන් පත්කළ නම දෙනෙකුගෙන් යුතු කමිටු වාර්තාව විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට ඉකුත් 24 වැනිදා බාරදුන් අතර ඇමතිවරයා එම වාර්තාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කළේය.
එම වාර්තාව සිකුරාදා (28) දිනයේ ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතව ඇතැයිද දැනගැනීමට තිබේ.