නෙළුම් කුලුනට එන අය පිලිගන්නට – පාර පෙන්නන්න වගේ වැඩවලට එන අපේ දියසෙන්

ශ්‍රී ලාංකේය සන්නිවේදන ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් කොළඹ නගරයේ ඉදි කරන ලද ‘නෙළුම් කුලුනේ’ රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය ‘දියසෙන් කුමරු’ යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

දකුණු ආසියාවේ විශාලතම සම්ප්‍රේෂණ කුලුන ලෙසින් සැලකෙන මේ කුලුන වෙත පැමිණෙන අමුත්තන් පිළිගැනීම, ප්‍රවේශපත් මිලදී ගැනීම, යා යුතු මඟ පෙන්වීම ආදිය දියසෙන් කුමරු විසින් සිදු කරන අතර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම කතා කිරීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි.

එසේම දකුණු ආසියාවේ පළමු මානවරූපී රොබෝ යන්ත්‍රය නිපදවමින් ලාංකීය ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට මෙරට ඇරිමැක් ආයතනය පියවර ගෙන තිබෙන අතර, ඒ අනුව මෙමඟින් නෙළුම් කුලුනේ කාර්යයන් සඳහා ඉදිරියේ දී සක්‍රීය දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වෙයි.

නවීන තාක්ෂණික දැනුම භාවිත කරමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය ඇරිමැක් ආයතනය විසින් නිෂ්පාදනය කර තිබෙන අතර, මෙය වසර තුනක කාලයක් ඇතුළත නිෂ්පාදනය කර තිබේ.

දකුණු ආසියාවේ නිෂ්පාදනය කරන ලද උසම රොබෝ යන්ත්‍රය වන මේ ‘‘දියසෙන් කුමරු‘‘ රොබෝ යන්ත්‍රයට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනෙකට ගමන් කිරීමේ හැකියාව තිබෙන අතර, තාක්ෂණික අතින් ඉහළම මට්ටමේ පවතී

Next Post

පරිසරය පිරිසුදු කරන්න දිනකට කිලෝමීටර් 14ක් පයින් යන ලක්ෂ්මන් හරි අපූරු කතාව

Wed Aug 26 , 2020
වන සම්පත අපගේ පරිසරයට අවශ්‍යම දෙයකි. වන සම්පත යනු ගස්වැල්, ඇළදොළ ආදියෙන් පිරුණු සුන්දර පරිසරයකි. අතීතයේ මිනිසුන් ආහාරපාන සහ නිවාස තනා ගත්තේද ගස් බෙනවලිනි. ඒ කිසිවක් නිසා නොව පරිසරය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් වර්තමානයේ මිනිසා ගහකොළ, සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීම පසෙක තබා විනාශ කිරීමට මූලිකත්වයක් දී කටයුතු කරයි. […]

Breaking News