ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාවයට ඩිලන්ත පිටත්වෙයි – වසර 36කට පසු ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය

ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වදින ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතා දිවයිනෙන් පිටත්ව යාමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූවා. මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියා.

මෙරට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා ඩිලන්ත මාලගමුව මහතා එක්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

වසර 36ක් පුරා මෙරටට විශාල කීර්තියක් අත්කර දුන් ඩිලන්ත මාලගමුව මහතාට මෙවර ද ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වේවායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කළා.

මෙම තරගාවලිය සැප්තැම්බර් 5 සිට නොවැම්බර් මස 15 වනදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤය, බෙල්ජියම, සහ ප්‍රංශය යන රටවල් හිදී පැවැත්වේ.

ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රය ලැබීම පිළිබඳ විශේෂ සටහනක් තැබූ ඩිලන්ත මාලගමුව මහතා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයටත්, එම කටයුතු සම්පාදනය කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයටත් ස්තූතිය පළ කළා.

Next Post

රු. 3000 කෑම එක පාර්ලිමේන්තුවේ රු 200ට - මන්ත්‍රීවරු කැලඹෙයි - කෑමවලට දුන්න සල්ලි නැවත ඉල්ලයි

Thu Aug 27 , 2020
රුපියල් තුන්දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයකට මන්ත්‍රීවරයකුට ලබාදෙන බවට දේශකයකු පැවැසීම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන් සඳහා පැවැති වැඩමුළුවේ ඊයේ (26 වැනිදා) සවස දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ.එස්. උපනන්ද ඊයේ (26 වැනිදා) සවස ආහාරපාන සහ ගෘහ පාලන සේවා සහ පහසුකම් යන මාතෘකාව ඔස්සේ සිය දේශනය කළේය. එහිදී […]