දවල්ට කොච්චිකඩේ පල්ලිය ලඟ සිඟමන් කරන යාචකයා මහරගම කෝටිපතියෙක් බව හෙලිවුන හැටි

කොච්චිකඩේ දේවස්ථානය  ඉදිරිපිට  සිඟමන් යදිමින් සිටින අතරතුර පලතුරු අත්කරත්තයක් සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අ ඩංගුවට ගත් යාචකයා මහරගම පමුණුව ප්‍රදේශයේ කෝටිපතියකු බව වෙරළබඩ පොලිසිය කියයි.

පමුණුව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි මෙම සැක කරුගේ නිවසේ  වැගන් ආර් වර්ගයේ  මෝටර් රථයක් හා සුඛෝපභෝගී තවත් රථයක් ද තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැක කරු  පදිංචි නිවස ද සුඛෝපභෝගී දෙමහල් නිවසක් බවත් එම නිවසේ ඉහළ මහල ද මසකට රුපියල් 30,000 ක මුදලකට කුලියට දී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

සැක කරු පල්ලිය ඉදිරිපිට හිඟා කෑමේ යෙදී සිටිය ද ඔහු ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිටින පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

කොච්චිකඩේ පල්ලිය ආසන්න ජම්පටාවීදියේ නවතා තිබූ රුපියල් 20,000 ක් පමණ වටිනා පලතුරු අත් කරත්තයක් සොරා ගැනීම සම්බන්ධයෙන් එහි හිමිකරු වෙරළබඩ පොලිසියට මීට දින දෙකකට පමණ පෙර පැමිණිල්ලක් කර තිබූ අතර එම පැමිණිල්ල අනුව වෙරළබඩ පොලිසියේ කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයේ හා අවට සී සී ටී වී කැමරා පරීක්ෂා කිරීමේදී ඉහත සැක කරු මෙම අත්කරත්තය සොරාගෙන තල්ලුකරගෙන යන අයුරු නිරීක්ෂණය වී ඇති බව ද පොලිසිය පවසයි.

ඒ අනුව සැක කරු හදුනාගෙන ඇති අතර ඔහු පල්ලිය ඉදිරිපිට සිටින යාචකයෙකු බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
එම තොරතුරු අනුව සැක කරු පල්ලිය අසලට සිඟමන් යැදීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ පෙරේදා (23) පොලිසිය විසින් අත්අ ඩංගුවට ගනු ලැබීය.සැකක රුගේ ප්‍රකාශ අනුව සොරාගත් අත්කරත්තයත් පොලිසිය සොයාගෙන තිබේ.

පල්ලිය ආසන්නයේ සිඟමන් යැදීමෙන් සැක කරු දිනකට රුපියල් 5000 කට අධික මුදලක් උපයන බවට තොරතුරු හෙළි කරගත් බව පොලිසිය කියයි.

සැක කරු මෙම අත්කරත්තය මඳ දුරක් තල්ලුකරගෙන ගොස් පසුව  වෙනත් පුද්ගලයකුට රුපියල් 5000 ක මුදලක් දී ඔහු ලවා පමුණුවේ නිවසට එම කරත්තය ගෙන්වාගෙන ඇති බව ද පරීක්ෂණවල දී හෙළිවූ බව පොලිසිය පවසයි.

සැකක රුගේ සොහොයුරියක් පොලිසියට පවසා ඇත්තේ මත් පැන් පානයට මුදල් නොදෙන හෙයින් මොහු මෙලෙස කටයුතු කර ඇති බවයි.

වෙරළබඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනත කුමාර මහතාගේ උපදෙස් මත,විමර්ශන අංශයේ ස්ථානාධිපති   ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන්,  උපපොලිස් පරීක්ෂක අමරසේකර, පොලිස් සැරයන් අමරසිරි (59447),   කොස්තාපල්වරුන් වන සරත්චන්ද්‍ර (82638), තුෂාර (90136), ප්‍රනාන්දු (11959) යන මහත්වරු පරීක්ෂණ පවත්වා සැක කරු අත්අඩංගුවට ගත්හ.

Next Post

වැඩ කරන්න විදියක් නෑ - කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු 70ක් සොවින්

Tue Aug 25 , 2020
නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70ක් පමණ පිරිසක් මේ වනවිට රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසීය. එහෙත් අමාත්‍යංශය සතුව පවතින්නේ නිල නිවාස 35ක් පමණක් බවද අමාත්‍යංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා අද(25) පැවැසීය. ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාවය, දුර […]