කුරුණෑගල නගරාධිපති දිනුම්

කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති  තුෂාර සංජීව විතාරණ මහතා  ඇතුළු පස් දෙනෙකු අත්අ ඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙ න්තු ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.ඒ අනුව එම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වේ.

එහෙත් මෙම නියෝග තුළින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසියට හෝ ඊට සහාය වන මහෙස්ත්‍රාත්වරයාගේ විමර්ශන කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

කුරුණෑගල නගරයේ පවතින ‘බුවනෙක හෝටලය’  නමින් පැවති කුරුණෑගල රාජ සභා මණ්ඩපයට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අ ඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරනවාද ? නැත්ද ? යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය ලබා දෙන ලදී.

තමා අත්අ ඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාවේ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි යන මහත්වරුන් ඇතුළු පිරිස ගොනු කළ රිට් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිස් ස්ථානාධිපති ඒ.ඇම්.කපිල අධිකාරි , කුරුණෑගල විශේෂ ඒකකයේ ස්ථානාධිපති රංජිත් කුලතුංග , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

තමා අත්අ ඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇති බව ජනමාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණු බවත්, එය නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය රිට් පෙත්සම් මඟින් ඉල්ලා සිටිති.

මේ හේතුවෙන් තමා ඇතුළු පිරිසක් අත්අ ඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් අගෝස්තු මස 7 වනදා නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන  අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට සුදුසු වන්දියක් ගෙවන ලෙසට නියෝග නිකුත් කරන්නැයි කුරුණෑගල නගරාධිපතිවරයා සහ කුරුණෑගල නගර සභාවේ නාගරික ඉංජිනේරුවරයා සිය රිට් පෙත්සම් මඟින්  අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.

Next Post

දවල්ට කොච්චිකඩේ පල්ලිය ලඟ සිඟමන් කරන යාචකයා මහරගම කෝටිපතියෙක් බව හෙලිවුන හැටි

Tue Aug 25 , 2020
කොච්චිකඩේ දේවස්ථානය  ඉදිරිපිට  සිඟමන් යදිමින් සිටින අතරතුර පලතුරු අත්කරත්තයක් සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අ ඩංගුවට ගත් යාචකයා මහරගම පමුණුව ප්‍රදේශයේ කෝටිපතියකු බව වෙරළබඩ පොලිසිය කියයි. පමුණුව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි මෙම සැක කරුගේ නිවසේ  වැගන් ආර් වර්ගයේ  මෝටර් රථයක් හා සුඛෝපභෝගී තවත් රථයක් ද තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සැක […]