වැඩ කරන්න විදියක් නෑ – කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු 70ක් සොවින්

නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70ක් පමණ පිරිසක් මේ වනවිට රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසීය.

එහෙත් අමාත්‍යංශය සතුව පවතින්නේ නිල නිවාස 35ක් පමණක් බවද අමාත්‍යංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා අද(25) පැවැසීය.

ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාවය, දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාවය අනුව ඒවා ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයිද ඒ මහතා කීය.

මෙය අමාත්‍යංශයේ පවතින බරපතල ගැටලු සහගත තත්වයක් බවද, හෙතෙම සඳහන් කළේය.

අට වැනි පාර්ලිමේන්තුවේ සිට පරාජයට පත් මැති ඇමැතිවරුන් සියලු දෙනා මේ වනවිට අදාළ නිල නිවාස බාර දී ඇති බවද අමාත්‍යංශය සඳහන් කළේය.

Next Post

කෝටි එකහමාරේ සුර සැප විදි ආයතන සේවිකාවට කෝටි දෙකක් වන්දි ගෙවන්න වුන හැටි

Tue Aug 25 , 2020
පාර්ක් හොස්පිටල්’ ආයතනයේ සේවිකාවක වශයෙන් කටයුතු කරමින් එම ආයතනය සතු රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වං චනික අන්දමින් සිය ගිණුමට බැර කරගැනීමේ චෝදනාවට වරද පිළිගත් එහි ගිණුම් සහයකවරියකට වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පාර්ක් හොස්පිටල් සමාගමට රුපියල් කෝටි 2 වන්දියක් […]