නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රකාශ කරයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
ඉදිරි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඕනෑම ධූරක් නිර්මාණය කළ හැකි නමුත් නියෝජ්‍ය අගමැතිධූරක් පිළිබඳව තවත් සාකච්ඡ කර නොමැති බව, අමාත්‍යවරයා වැඩිදුරට පවසා සිටියේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ලබාදීම සඳහා එකඟතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
“ඒක ඒ පක්ෂෙන් අහලා බලන්න ඕනෙ. අපේ පක්ෂෙන් නම් තවම එහෙම එකක් නෑ. මේවා ඉතිං ඡන්ද කාලෙත් කිව්වානෙ අරයාට අර ඇමතිකම දෙනවා, අධිකරණ ඇමතිකම දෙනවා, අරයට අර ඇමතිකම හම්බුවෙනවා කියලා. ඡන්ද ගත්තනෙ, දැන් හම්බු නොවුණාමනෙ ප්‍රශ්නෙ මතුවෙලා තියෙන්නෙ.
ඡන්ද කාලෙ එක එක්කෙනා ඡන්දෙ ගන්න විවිධ කතන්දර කියනවා”ඒකාබද්ධ විපක්ෂය ගොඩ නගා මේ රටේ නැවතත් පාලන බලය හිමි කරගැනීමට මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකොටගත් පිරිසට හැකිවෙද්දි මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පොදුජන පෙරමුණේ අයව “මහපාරේ ඇවිද්දන බවට” පුරාජේරු දෙසමින් වේදිකා ගානේ මහින්ද රාජපක්ෂ මහතාව විවේචනය කොට පරදින්නට යන බව දැනගෙන පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වුනේ කපටිකමට මිස වෙනදේකට නොවන බවද ඔහු සඳහන් කලේය.
එම නිසා මෛත්රීපාලගේ සටකපටිකමට පොහොට්ටුව නොරැවටෙන බවත්, වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මනා අවබෝධයකින් බැසිල් රාජපක්ෂ මහතා පසුවන බවයි ඒ මහතා සඳහන් කළේය.