ග්‍රාමීය කර්මාන්ත ඇමති ප්‍රසන්න රණවීරට මහජන බැංකු ඉතිරිකිරීමේ කැට

පසුගිය සතියේ ප්‍රසන්න රණවීර ඇමැතිවරයා මහජන බැංකුවේ සභාපතිවරයාට කතා කළේය.සභාපතිතුමා පත්තරේක දැන්වීමක් පළ කරලා තියෙනවා මම දැක්කා. ඒක දැක්කාම මට එක්තරා අදහසක් ඇති වුණා.

ඒ මොකක්ද මැතිතුමා.ඔබතුමාලා ඉල්ලලා තියෙනවා ලක්ෂ ගාණක් ප්ලාස්ටික් වලින් හදපු ඉතිරි කිරීමේ කැට. අපේ රටේ මෙච්චර සම්පත් තියෙද්දී ඇයි අපි ප්ලාස්ටික් වලට මුල් තැනක් දෙන්නේ. ඔබතුමා කරුණාකරලා ඒ ඇනවුම් අපට භාර දෙන්න. අපිට පුළුවන් අපේ සාම්ප‍්‍රදායික ශිල්පියො නිෂ්පාදනය කරපු බොහොම ලස්සන හුරුබුහුටි මැටි කැටයක් ඔබතුමාලට සපයන්න.

ඒකෙ ලස්සනට පාට කරල ඔබතුමාලගේ ලාංඡන යොදලා නම් ගහලා අලංකාරව සකසලා දෙන්න පුළුවන්. මොකද ඔබතුමා කියන්නේ.ඇමැතිතුමා කියනවා නම් මමත් මේ වැඬේට කැමතියි.හොඳයි මේ ගැන සාකච්ඡා කරන්න මම හෙටම නිලධාරීන් එවන්නම් ඔබතුමා මුණ ගැහෙන්න.එම සාර්ථක සාකච්ඡාව නිමා කළ ඇමැතිවරයා තම නිලධාරීන් ගෙන්වාගෙන උපදෙස් දුන්නේ මැටි කර්මාන්තයේ යෙදී සිටින දක්ෂ ශිල්පීන් යොදවා තනන ලද අලංකාර මැටි කැට සාම්පල් කීපයක් ගෙන ගොස් මහජන බැංකුවේ නිලධාරීන් සමඟ සමග සාකච්ඡා කොට එකඟතාවකට පැමිණෙන ලෙසයි.

ඒ අනුව දේශීය මැටි කර්මා­න්ත­ක­රු­වන්ට අත දීමේ සහ නව වෙළෙ­ඳ‍පො­ළක් සොයා දීමේ අර­මු­ණින් මෙතෙක් කලක් තම බැංකුව මිලදී ගත් ප්ලාස්ටික් කැට වෙනු­වට මැටි කැට ලක්ෂ­යක් වහාම ලබා­ගැ­නී­මට මහ­ජන බැංකුව තීර­ණය කළ බව එහි සභා­පති සුජීව රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය. මහ­ජන බැංකුව මෙම තීර­ණය ගනු ලැබුවේ වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රව­ර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණ­වීර මහ­තාගේ ඉල්ලී­ම­කට අනු­වය.

ස්වදේ­ශි­ක­ත්වය මුල් කොට­ගත් ව්‍යව­සා­යක පර­පු­රක් බිහි කිරීම සඳහා ඉතා විද්‍යා­ත්ම­කව රාජ්‍ය අමා­ත්‍යාංශ කාර්ය­භා­ර­යන් බෙදා වෙන්කි­රීම පිළි­බඳ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට සහ රජ­යට ස්තුති­වන්ත වන බව පැවසූ මහ­ජන බැංකු සභා­ප­ති­ව­රයා, එහිදී තම බැංකුව රජයේ අර­මුණු හා බද්ධ වෙමින් දේශීය කර්මාන්ත නගා­සි­ටු­වී­මට උර­දී­මක් ලෙස තෑගි වශ­යෙන් ලබා­දෙන කැට මැටි­ව­ලින් තැනූ ඒවා ලෙස ඉදි­රි­ය­ටත් ලබා ගැනී­මට සූදා­නම් බව ද කියා සිටි­යේය.

Next Post

මෛත්‍රීගේ විශේෂ තනතුර ජන්ද කාලේ කියපු එකක්

Mon Aug 24 , 2020
නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රකාශ කරයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. ඉදිරි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඕනෑම ධූරක් නිර්මාණය කළ හැකි […]