සුළු ජාතික පක්ෂ තුනක මන්ත්‍රීන් තිදෙනකු මුලින්ම ආණ්ඩුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.මොවුන් දැනට විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයන් වන අතර ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වේ.
මේ අතරින් එක් අයකු රාජ්‍ය අමාත්‍ය ධූරයක් ඉල්ලා ඇති අතර අනෙක් දෙදෙනා තමන් නියෝජනය කරන පළාත් සංවර්ධනයට අතහිත දෙන ලෙස ඉල්ලා ඇති බව පැවසේ.රජයට දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 150ක (2/3) බලයක් හිමිව තිබේ.එයින් කතානායකවරයා ඉවත් වූ විට මන්ත්‍රීන් ගණන 149කි. මෙම මන්ත්‍රීන් තිදෙනා පළමුවද තවත් කිහිප දෙනකු ව්‍යවස්ථා සංශෝධනයට පෙරාතුවද ආණ්ඩුවට එක්කර ගැනීම සැලසුම කර ඇති බව පැවසේ.
මෑතකදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයෙකුට ඉල්ලා අස්වන්නැයි එම දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයෙකු ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඉල්ලීසට එකග වන්නේ නම් ඒ සදහා ඔහුට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් ලබාදෙන බවටද යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.
ඊළඟට පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී පලාත් මහ ඇමති ධුරය සදහා ඉදිරිපත් වීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙමින් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙම යෝජනාව කර තිබේ.කෙසේ නමුත් එම මන්ත්‍රීවරයා මේ වන තෙක් ඔහුගේ ඉල්ලීමට එකඟතාව පළ කර නැත.