රජයෙන් තවත් තීරණයක් සැෂේ පැකට්, බීම බට, බෝතල් සහ පිඟන් තහනම්

එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් තහනම් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි මධ්‍යම පරසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව, ප්ලාස්ටික් භාවිතයෙන් නිෂ්පාදනය කරන සැෂේ පැකට්ටු, බීම බට, බෝතල් සහ පිඟන් ආදිය තහනම් වෙනු ඇත.

මේ සම්බන්ධ යෝජනාව මාස දෙකක් ඇතුළත කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බවත්, ලබන වසරේ සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, ඉදිරියේදී ප්ලාස්ටික් නිෂ්පාදන ආනයන සහ නිෂ්පාදනය අවම කිරීමට කටයුතු කිරීමට පියවර ගන්නා අතර එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට කඩදාසිවලින් නිෂ්පාදනය කරන බීම බට, පිඟන් සහ වීදුරු බෝතල් භාවිතය ප්‍රචලිත කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරයි.

පසුගිය 2018 වසරේ ජනවාරි මාසයේ සිට බලපැවැත්වූ පරිදි පොලිතින් බෑග් සහ ලන්ච් ෂීට් භාවිතය තහනම් කළ ද, දිවයින පුරා ඒවා තවමත් බහුලව භාවිත වේ.

මේ පිළිබඳව කළ විමසීමකදී ජයසිංහ මහතා සඳහන් කළේ, එම ද්‍රව්‍ය භාවිතය නීති විරෝධී බැවින් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පොලිසියේ ද සහයෝගය ඇතිව නීත්‍යනුකූල පියවර ගන්නා බවය.

එසේ ම, එවැනි ද්‍රව්‍ය විකිණීමට කටයුතු කරන ස්ථාන වැටලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරියේ ද සහය ලබා ගන්නා බව ජයසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Next Post

කුරුණෑගල නගරාධිපති දිනුම්

Tue Aug 25 , 2020
කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති  තුෂාර සංජීව විතාරණ මහතා  ඇතුළු පස් දෙනෙකු අත්අ ඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙ න්තු ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත […]