ශ්‍රී ලාංකිකයා පෞද්ගලික ජෙට් යානයකින් ලංකාවට එවූ සෞදි හාම්පුතා – ජායාරූප

මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක් විසින් පෞද්ගලික ජෙට් යානාවක් මගින් මෙරටට ආපසු එවීමට පියවර ගනු ලැබූ පුවතක් පිළිබඳ වාර්තා වේ.

කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අසනීප වන විට සෞදි අරාබියේ පිහිටි ගල්ෆ් වෙස්ට් නම් සමාගමේ සේවය කරමින් සිට ඇත. එහිදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඔහුව රෝහල් ගත කොට තිබු අතර රොහාන් ගේ පවුලේ ඥාතින් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම අනුව ඔහුව යළි ශ්‍රී ලංකාව බලා එවීමට අවශ්‍ය කටයුතු අදාළ සමාගම විසින් සිදුකොට තිබුණා.

ඒ අනුව, ගල්ෆ් වෙස්ට් සමාගම විසින් රුපියල් මිලියන 15 ක පමණ වියදමක් දරමින් අසනිප වී සිටින ශ්‍රී ලාංකික සේවකයා යළි මව්රට බලා එවීමට අවශ්‍ය පියවර ගත්තේ වෛද්‍යවරුන් සහ හෙදියන් කාණ්ඩායමක් ද සමඟ පෞද්ගලික ජෙට් යානයක් මඟින් වීම විශේෂත්වයකි.

ඇන්ඩෘ රොහාන් නම් මෙම ශ්‍රී ලාංකිකයා රැගත් පෞද්ගලික ජෙට් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා. ඔහු මේ වන විටත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන අතර නියමිත පරිදි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පුර්ණ සුවය ලැබීමේ හැකියාව ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

ඇන්ඩෘ රොහාන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට හැකිවීම පිළිබඳව ගල්ෆ් වෙස්ට් සමාගමේ හිමිකරු වන අයිඩ්‍රිස් මුස්තාපා සහ ඔහුගේ කණ්ඩායම වෙත ඇන්ඩෘ ගේ පවුලේ අය සිය කෘතඥතාවය පළ කරනු ලැබුවා.

Next Post

සිංහරාජ වනාන්නරය මැදින් පාර කපන්නේ යෝෂිතගේ හෝටලයට – වීඩියෝ

Sat Aug 22 , 2020
සිංහරාජ වනාන්නරය මැදින් නෙළුව ලංකාගම ගම්මානයට මාර්ගයක් ඉදිකිරීම තුළ වෙනත් අරමුණක් ඇති බව පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මාර්ගය ඉදිකරන ආසන්නයේ පිහිටි රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් මේ හරහා සිදුවෙමින් ඇති බවයි. එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාට අයත් විශාල පරිමාණයේ හෝටලයක් එහි පිහිටා ඇති […]