ටිපර් රථයක මෝටර් රථයක් ගැටීමෙන් අද (22) අළුයම පස්දෙනකු මියගොස් ඇති බව අලව්ව පොලිසිය පවසයි.
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේ දී අද අළුයම 4.10 ට පමණ කොළඹ දෙසට ධාවනය වූ ටිපර් රථයක කුරුණෑගල දෙසට ධාවනය වු මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් පස් දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් ඔවුන් වරකාපොල නෙළුම්දෙණිය ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති අතර මෝටර් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
ඔවුන් පොල්ගහවෙල වදාකඩ ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සේවය කරන පුද්ගලයන් බවත් අනතුර සම්බන්ධයෙන් අලව්ව පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඒ.එම්.ඩි අධිකාරී – පොල්ගහවෙල