ණය කාඩ් – උකස් පොලී අඩු කරයි

ණය කාඩ්පත් මත උපරිම පොලී අනුපාතය වාර්ෂිකව සියයට 18 ක් දක්වා සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ රැස්වූ මුදල් මණ්ඩලයේදී පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය සියයට 16ක් දක්වාත් අඩු කර තිබේ.

මීට අමතරව උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට  10ක් දක්වා අඩු කර තිබේ.

 තවද දඩ පොලී අනුපාතය අදාළ ණය පහසුකම සඳහා අයකරනු ලබන සාමාන්‍ය පොලී අනුපාතයට වඩා ප්‍රතිශතාංක 2ක උපරිමයක් විය යුතු බවද මුදල් මණ්ඩලයේ අදහස වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Next Post

අද හිමිදිරියේ අලව්වේදී 5දෙනෙකු - ජායාරූප

Sat Aug 22 , 2020
ටිපර් රථයක මෝටර් රථයක් ගැටීමෙන් අද (22) අළුයම පස්දෙනකු මියගොස් ඇති බව අලව්ව පොලිසිය පවසයි. කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේ දී අද අළුයම 4.10 ට පමණ කොළඹ දෙසට ධාවනය වූ ටිපර් රථයක කුරුණෑගල දෙසට ධාවනය වු මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් පස් […]

Breaking News