විදුලි සැපයුම යථා තත්වයට එන්න දින 4ක් – රටම අඳුරු වෙන්න හේතුව මෙන්න

නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබාදීම නැවති ඇති බවත් එය යථා තත්වයට පත්වීමට දින 4 කට ආසන්න කාලයක් ගත වනු ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

රට පුරා ඊයේ දිනයේදී විදුලි පද්ධතිය තුළ සිදුවු බිඳ වැටීමත් සමග නොරෝච්චෝල විදුලිය ජාතික පද්ධතියට ලබා නොගැනීමෙන් ස්වංක්‍රියව සිසිල පද්ධතිය තුළ ඇතිවු තාක්ෂණික කරුණු මත නැවතී ගිය බවද සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
 
මේ හේතුව නිසා නැවත සිසිලන පද්ධතියට ජලය පුරවා යථා තත්වයට සකස් කිරීමට සිදුවන බවද ඒ හේතුවෙන් අඩුම වශයෙන් දින 4 කට ආසන්න කාලයක් ගත වනු ඇති බව ඔහු කියයි.

ජාතික පද්ධතියට නොරෝච්චෝලය ලක්විජය බලාගාරයෙන් 45% ක විදුලිය ලබාදෙන අතර මෙහි විදුලිය නිෂ්පාදනය නැවතීමත් සමග ජාතික අවශ්‍යතාවය සැපයීමේදි බාධා එල්ල වනු ඇති බව විදුලි බව මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් තවත් ප්‍ර දේශවල විදුලි සැපයුම බිඳ වැටීම යථා තත්ත්වයට පත්කරමින් තිබේ.

විදුලි සැපයුම බිඳ වැටීම හේතුවෙන් අඩාල වූ ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුද මේ වන විටත් ආරම්භ කර තිබේ.

Next Post

දකුණේ ඉදන් කොළඹ ඇවිත් කරන අපූරු රස්සාව - දවසට කොට්ටම්බා ගෝනි දෙකක් තළන විජේපාල

Tue Aug 18 , 2020
එදා ඉස්කෝලේ ඇරෙන සීනු හඬ ඇසුණ සැණින් අප දිව ගියේ ගඩා ගෙඩි අහුලන්නටය. ඉදුණු වෙරළු, අඹ, සියඹලා අඩුවක් නැති බිම්කඩේ කොට්ටම්බා ගස් තුන හතරක්ම තිබිණි. වෙරළු ගෙඩියක්, සියඹලා ගෙඩියක් කන තරම් පහසුවට කොට්ටම්බා කෑ නොහැකි වුවත්, ඉහත කී මොනවත්ම නැති දවසට අපි පොරකන්නේ කොට්ටම්බා අහුලන්නටය. මෙසේ දිවගිය දවසක කොට්ටම්බා මුලක […]

Breaking News