දුන් ඇමතිකම ගැන විදුර තීරණයක් ගනියි – ඇමතිකම්වල නම්වලට අද විහිළු කරනවා

ජාතික උරුමයන් ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නවාද නැද්ද පිළිබඳව තීරණයක් ගැනීම සඳහා හොරණ මැතිවරණ කොට්ඨාශයේ පොදුජන පෙරමුණු බල මණ්ඩලය හෙට (16) විදුර වික්‍රමනායක මහතා විසින් කැඳවා තිබේ.

එහිදී බල මණ්ඩල නියෝජිතයින් දෙන තීන්දුවට තමා හිස නමන බව ද වික්‍රමනායක මහතා අවධාරණය කරයි.

තමාට ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධූරය පිළිබඳව නොසතුටින් සිටින වික්‍රමනායක මහතා පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා බවට පත් විය.

තමාට ජන්දය දුන් ජනතාව පෙරලා ඔවුනට සේවය කිරීම සඳහා තමාට කැබිනට් මණ්ඩල අමාත්‍ය ධූරය ලබා දෙතැයි යන විශ්වාසයක් එම ජනතාව තුළ තිබු බවද වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.

පත් කර ඇති ඇමති මණ්ඩලයේ විෂයයන් සමාජ මාධ්‍ය විසින් විහිළුවට ගෙන ඇති බවත් එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

Next Post

හතේ මහත්තයාට බලු බැනුම් - චන්ද්‍රිකා මහින්දගෙ ගුණ වයයි

Sat Aug 15 , 2020
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. මාධ්‍යට අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළාය.“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මම හැමතැනම හොයනවා..පහුගිය අවුරුද්දේ සිරිසේන මේක විනාශ කළා අවුරුදු 5ක් තිස්සේ..රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා..නමුත් එතුමා ශක්තිමත් නායකයෙක්..” “ශ්‍රී.ල.නි.ප. ය ගැන […]

Breaking News