හතේ මහත්තයාට බලු බැනුම් – චන්ද්‍රිකා මහින්දගෙ ගුණ වයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

මාධ්‍යට අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළාය.“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මම හැමතැනම හොයනවා..පහුගිය අවුරුද්දේ සිරිසේන මේක විනාශ කළා අවුරුදු 5ක් තිස්සේ..රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා..නමුත් එතුමා ශක්තිමත් නායකයෙක්..”

“ශ්‍රී.ල.නි.ප. ය ගැන මට කණගාටුයි..අඬන්නද හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ…සිරිසේන ඉතාමත් කැත විදිහට පක්ෂය විනාශ කළා..බැනුම් ඇහුවා , අපිව පරද්දන්න කියලා කිව්වා..දැන් ලැජ්ජා සහගත විදිහට අමාත්‍යාංශ කිහිපයක් දීලා තියෙනවා..”

“අපේ පක්ෂයේ සභාපතිට මොකුත් නෑ..ලේකම්ට බතික් අමාත්‍යාංශය.. එහෙම අමාත්‍යාංශයක් නෑ…ඒකට ආයතන මොකුත් නෑ…”

“අලුත් නායකත්වයක් යටතේ අපේ පාක්ෂිකයින් අතරින් තෝරාගෙන පක්ෂය ඉදිරියට ගෙනියනවා..එහෙම කරන ඕනකෙනෙකුට මගේ සහයෝගය ලැබෙනවා..”යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Next Post

කහ හිඟය අවසන් - වසර 1 1/2 ක් යනතුරු පිටරටින් ආනයනයට අවසර

Mon Aug 17 , 2020
ශ්‍රී ලංකාව තුළ පවතින කහ හිඟය නැතිකිරීම සඳහා  වසර එකහමාරක කාලයක් තුළ කහ පිටරටින් ගෙන්වීමට අවසර දෙන බව කුඩා වැවිලි බෝග සංවර්ධන හා ඒ ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. කහ කිලෝවක් රුපියල් 700ට වැඩියෙන් අලෙවිකරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා නීතිය ක්‍රියාත්මක කර පාරිභෝගිකයා ආරක්‍ෂා […]

Breaking News