ඊයේ දිනයේ දිවුරුම් දෙන ලද රාජ්‍ය සහ කැබිනට් ඇමති වරුන්ට අමතරව තවත් ව්‍යාපෘති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ව්‍යාපෘති ඇමතිවරුන් පස් දෙනෙකු නම් කිරීමට සාකච්ඡාවක් ඇති වී තිබෙන සදහන්ය.
දැනට එම පත්කිරීම් සම්බන්ධයෙන් දිනයක් මෙතෙක් තීරණය කර නැතැයිද සදහන් වෙයි.
එසේ නම් කරව ව්‍යාප්ති ඇමතිධූර ලබා දීමට යෝජනා වී ඇත්තේ මෙවර ඇමති ධුර කිසිවක් නොලැබුණු ජ්‍යෙෂ්ටයන් පිරිසකටයි.
ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ දිවුරුම් දුන් සියළු ඇමතිවරුන්ට විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.
එමගින් දන්වා ඇත්තේ දැනට රජයේ ආයතන සදහා පත් කර ඇති සභාපතිවරුන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් තම අනුමැතියෙන් තොරව වෙනස් නොකරන ලෙසයි.
අදාල පත් කිරීම් සිදු කරන්රනේ ඒ සදහා පත් කරන ලද විශේෂ කමිටුවකින් යයිද වැඩිදුරටත් දන්වා ඇත.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම නියෝගය සියළු ඇමතිවරුන් වෙත යවා තිබේ.
සිය ආයතනවල රාජකාරී කටයුතු ලබන සඳුදාට (17) පෙර බාරගන්නැයි ජනාධිපති කාර්යාලය සියලුම කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ.
එක් එක් අමාත්‍යංශය පිහිටි ස්ථාන ඇමැතිවරුන්ගේ කාර්යමණ්ඩලවලට වෙන්වන පහසුකම් වාහන ආදිය ඇතුළත් විස්තරයක් කැබිනට් ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් යවා ඇතැයිද වාර්තාවේ.
මෙම විස්තර වාර්තාව ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අද (12) දිවුරුම් දුන් අවස්ථාවේදී ඔවුන් අතට පත් කර ඇති බවද දැනගන්නට ඇත.