ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හට රාජ්‍ය අමාත්‍ය ධූරයක් වෙන් කොට තිබුණද ඒ මහතා එය බාර ගෙන නොමැති බව වාර්තා වනවා.
ජනාධිපති කාර්යාලයෙන් ලැබුන ආරාධනයක් මත හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ අද උදැසන මහනුවර ගොස් ඇතත්, තමාට ලැබී ඇත්තේ කිසිඳු රාජ්‍ය ආයතනයක් නොමැති නාමමාත්‍රීක රාජ්‍ය අමාත්‍ය ධුරයක් බව වාර්තා වීමත් සමග එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාථ්‍ය ධූරය ඒ මහතාට පිරිනැමීමට කටයුතු යොදා තිබී ඇත.
මේ තත්ත්වය යටතේ විජයදාස රාපක්ෂ මහතා අද පැවැති අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ උත්සවයටද සහභාගීව නොසිටි බව ද වාර්තා වනවා.