හින්දි සිනමාවේ ජනප්‍රිය නළු සංජේ දත් ගැන දුක්බර පුවතක්….

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු වන සන්ජේ දත්, පෙනThanks හලු ආශ්‍රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සන්ජේ දත්ට පෙනහළු පිළිකාවක් ඇති බව අනාවරණය වී ඇත්තේ ඊයේ (11) වන අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මානයා දත් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. ‘‘අපේ පවුලට තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙලා. අපි මේ පරීක්ෂණයටත් සාර්ථකව මුහුණ දෙනවා’’ යැයි ඇය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.‘‘සන්ජේ දත්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියි. අපට මේ අවස්ථාවේදී සියලු ශක්තිය සහ ආශීර්වාද අවශ්‍යයි. පසුගිය වසර කිහිපයේදීම අපේ පවුල ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. මේ ප්‍රශ්නයත් අපි සාර්ථකව විසඳා ගන්නා බව මට විශ්වාසයි’’ යැයි ද ඇය සඳහන් කළාය. කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ද ඇය සන්ජේ දත්ගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් ද කළාය.හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන් සන්ජේ දත්, පෙරේදා රෝහල් ගත කර ඇති අතර ඔහුට පෙනහලු පිළිකාවක් ඇති බව අනාවරණය කරගෙන ඇත්තේ එහිදීය. ඔහු කෝවිඩ්-19’ පරීක්ෂණයකට ද යොමු කර ඇති අතර ඔහුට වයිරසය ආසාධනය වී නැතැයි එහිදි තහවුරු වී ඇත. සන්ජේ දත් මේ වනවිට 61 වැනි වියේ පසුවෙයි. ඔහුගේ පිළිකා රෝගී තත්ත්වය ඔඩුදුවා ඇතැයිද ඔහුට ඇත්තේ සිවුවැනි අදියරේ පෙනහලු පිළිකා තත්ත්වයක් යැයි ද වෛද්‍යවරු පවසති.

සන්ජේ දත්ගේ මීළඟ චිත්‍රපටය වනු ඇත්තේ, කන්නඩ චිත්‍රපටියක් වන කේ.එෆ්.ජී. චැප්ටර් 2 චිත්‍රපටයයි. ජනප්‍රිය නළුවකු වන යෂ් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර සන්ජේ දත් එම චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතයට පණ පොවයි.

Next Post

කැබිනට් ඇමතිකම නැති නිසා නෑවිත් මගහැරිය මන්ත්‍රී මෙන්න

Wed Aug 12 , 2020
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හට රාජ්‍ය අමාත්‍ය ධූරයක් වෙන් කොට තිබුණද ඒ මහතා එය බාර ගෙන නොමැති බව වාර්තා වනවා. ජනාධිපති කාර්යාලයෙන් ලැබුන ආරාධනයක් මත හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ අද උදැසන මහනුවර ගොස් ඇතත්, තමාට ලැබී ඇත්තේ කිසිඳු රාජ්‍ය ආයතනයක් නොමැති නාමමාත්‍රීක රාජ්‍ය අමාත්‍ය ධුරයක් බව […]