හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙවර කිසිදු කැබිනට් ඇමති ධූරයක් හිමි වී නැත.
ඔහුට රාජ්‍ය ඇමති ධූරයක් හෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයක් හෝ ලැබී නැත.
කෙසේ නමුත් තවදුරටත් කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකු නම් කිරීමේ හැකියාව රජය සතු වෙයි.
එමෙන්ම වාර්තාවන තවත් තොරතුරක් වන්නේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අගමැති තනතුරක් ලබා දීමේ සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
අද දිනයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේදී කිසිදු ඇමති ධුරයක් ඔහුට හිමිවූයේ නැත.
නමුත් ඉදිරියේදී සිදු වන ව්‍යවස්ථා සංශෝධනයකදී නියෝජ්‍ය අගමැති ධුරයක් ඇති කර එය ලබාදෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහවැලි හා පරිසර අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටිය ද මේ අවස්ථාවේ එම අමාත්‍ය ධුරය ලබාදිය නොහැකි බව අගමැතිවරයා විසින් ඊයේ ඔහුට දැනුම් දී තිබිණ.
පසුගිය මහ මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව, මනාප ඡන්ද 1,11,137 ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැන්නා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.