ඇමති පුටු නැති වුන අය

නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේදි මුල් වරට කැබිනට් අමාත්‍යධුර හිමිවූ මන්ත්‍රීවරු තිදෙනෙක් වෙයි.

ඒ අතරින් තෙවතාවක් පාර්ලිමේන්තුට පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රිඩා ඇමති ලෙස ලෙස පත්විය.

දෙවතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යධුරයට පත්විය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට මෙවර පළමු අවස්ථාවට පැමිණි අලි සබ්රි මහතා අධිකරණ ඇමති ලෙස තේරී පත්විය.

මෙවර කැබිනට් අමාත්‍ය  මණ්ඩලයේ හා රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය තුළ පිය පුතු යුගළ දෙකක් සිටියි.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යවරු ලෙසත්, චමල් රාජපක්ෂ හා ඔහුගේ පුත් ශෂේන්ද්‍ර රාජපක්ෂ කැබනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත්ය. චමල් රාජපක්ෂ මහතාට රාජ්‍ය ඇමතිකමක්ද ප්‍රධානය කර තිබේ.

විවිධ රජයන්හි ඇමතිධුර දැරූ විජයදාය රාජපක්ෂ, එස්.බී. දිසානායක, චන්දිම වීරක්කොඩි ,ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ හා මහින්ද යාපා අබේගුණවර්ධන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩිලාන් පෙරේරා යන අයටත් මෙවර කිසිඳු අමාත්‍යධුරයක් හිමි නොවීය. එසේම ඔවුන්ට දිස්ත්‍රික් සංවර්ධන සභාපති තනතුරක් හෝ හිමි නොවීය.

එසේම ඔවුන්ට දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති තනතුරුද හිමි නොවීය. 

Next Post

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිලා මෙන්න

Wed Aug 12 , 2020
අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ අවස්ථාවේ දී පත් කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් මෙසේය. 01. ප්‍රදීප් උඳුගොඩ – කොළඹ 02. සහන් ප්‍රදීප්  – ගම්පහ 03. සංජිව එදිරිමාන්න – කළුතර  04. වසන්ත යාපා බණ්ඩාර – මහනුවර 05.එස් නාලක බණ්ඩාර කෝට්ටේගොඩ – මාතලේ 06.එස් බී  දිසානායක – නුවරඑළිය 07. සම්පත් අතුකෝරල – ගාල්ල […]

Breaking News