අලුත් පාර්ලිමේන්තුවට පරම්පරා පිටින් ගිය උදවිය

මේ පාර්ලිමේන්තුවෙ විශේෂතා ගොඩක් කිහිපයක් පවතින අතර ඉන් එකක් වන්නේ,  පියවරුන් කිහිප දෙනෙකු පුතුන් එක්කම මැති සබේට තේරී පත්වී සිටීමයි.

* අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයගෙ පුතා නාමල් රාජපක්ෂ

* චමල් රාජපක්ෂ මහත්මයගෙ පුතා ශෂීන්ද්‍ර රාජපක්ෂ

* දිනේෂ් ගුණවර්ධන මහත්මයගෙ පුතා යදාමිණි ගුණවර්ධන

* ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයගෙ පුතා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

මීට අමතරව ප්‍රබල දේශපාලන නායකයන්ට ඥාති සම්බන්ධතා ඇති බොහෝ දෙනෙක් ද මෙවර මැතිසබේට තේරී පත්වී සටිති.

*අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයගෙ සොහොයුරා චමල් රාජපක්ෂ

*අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයගෙ නංගීගෙ පුතා නිපුණ රණවක.

* දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයගෙ පුතා සජිත් ප්‍රේමදාස

* හිටපු ඇමැති මහින්ද විජේසේකර මහත්මයගෙ පුතා කංචන විජේසේකර

* හිටපු මහ ඇමති මහිපාල හේරත් මහත්මයගෙ පුතා කනක හේරත්

* හිටපු අගමැති අභාවප්‍රාප්ත දි .මු. ජයත්න මහත්මයගෙ පුතා අනුරාධ ජයරත්න

* හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහත්මයගෙ ඥාති පුත්‍රයා දිළුම් අමුණුගම

* හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහත්මයගෙ පුතා විදුර වික්‍රමනායක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්වත්ත මහත්මයගෙ පුතා ලොහාන් රත්වත්ත

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත වෛද්‍ය ජයලත් ජයවර්ධන මහත්මයගෙ පුතා කවින්ද ජයවර්ධන

* හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්මයගෙ පුතා දුමින්ද දිසානායක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත රෙජී රණතුංග මහත්මයගෙ පුතා ප්‍රසන්න රණතුංග

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ආචාර්ය රිචඩ් පතිරණ මහත්මයගෙ පුතා රමේෂ් පතිරණ

* හිටපු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහත්මයගෙ බිරිඳ මුදිතා ප්‍රිශාන්ති

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත අමරසිරි දොඩම්ගොඩ මහත්මයගෙ පුතා ඉසුරු දොඩම්ගොඩ

*හිටපු ඇමැති අභාවප්‍රාප්ත අමරසිරි දොඩම්ගොඩ මහත්මයගෙ සොහොයුරියගෙ පුතා තමයි චන්දිම වීරක්කොඩි

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එච්.ජී.පී නෙල්සන් මහත්මයගෙ පුතා කිංස් නෙල්සන්

* හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත මොහාන් සාලිය එල්ලාවලාවල මහත්මයගෙ පුතා අකිල එල්ලාවල

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත ධර්මදාස වන්නිආරච්චි මහත්මයගෙ දියණිය පවිත්‍රා වන්නිආරච්චි

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන් මහත්මයගෙ පුතා ජීවන් තොණ්ඩමාන්

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත හීන්මහත්තයා ලියනගේ මහත්මයගෙ පුතා වරුණ ලියනගේ

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ගාමිණි අතුකෝරළ මහත්මයගෙ සහෝදරිය තලතා අතුකෝරළ

* හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සරත්චන්ද්‍ර රාජකරුණා මහත්මයගෙ පුතා හර්ෂණ රාජකරුණා

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත සංජීව කවිරත්න මහත්මයගෙ බිරිඳ රෝහිණී කවිරත්න විජේරත්න

* හිටපු ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහත්මයගේ සහ හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගෙ පුතා, තාරක බාලසූරිය.

* ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක ලේකම් අභාවප්‍රාප්ත රංජිත් නවරත්න මහත්මයගෙ පුතා අසංක නවරත්න

* හිටපු පළාත් සභා ඇමැති ඩී.වී. උපුල් මහත්මයගෙ පුතා ඩී.වී. චානක

* සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ හිටපු නායක, අභාවප්‍රාප්ත කුමාර් පොන්නම්බලම් මහත්මයගෙ පුතා ගජේන්ද්‍ර කුමාර්

* හිටපු ඇමැති වාසුදේව නානායක්කාර මහත්මයගෙ ඥාතිවර,, හිටපු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත දයා ටී.පැස්කුවල් මහත්මයගෙ සොහොයුරාගේ පුත් අනුප පැස්කුවල්

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත රූපා කරුණාතිලක මහත්මයගෙ ඥාති පුත් ගයන්ත කරුණාතිලක

* ඌව පළාත් හිටපු ඇමැති අනුර විදානගමගේ මහත්මයගෙ සොහොයුරා තේනුක විදානගමගේ

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එච්.ආර්.මිත්‍රපාල මහත්මයගෙ පුතා දුෂ්මන්ත මිත්‍රපාල

* හිටපු ඇමැති අතාවුද සෙනෙවිරත්න මහත්මයගෙ ඥාති පුත් උදයකාන්ත ගුණතිලක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත එම්. වින්සන්ට් පෙරේරා මහත්මයගෙ පුතා සුචිත් සංජය පෙරේරා

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත එස්.ඩී.ආර්.ජයරත්න මහත්මයගෙ පුතා පියංකර ජයරත්න

* අනූ හතරේ මැතිසබයට තේරී පත්ව සිට රිය අනතුරකින් මියගිය ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මහත්මයගෙ ඥාති පුත් අරුන්දික ප්‍රනාන්දු

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත පෙස්ටස් පෙරේරා මහත්මයගෙ පුතා නිරෝෂන් පෙරේරා

* හිටපු විදේශ ඇමැති අභාවප්‍රාප්ත ඒ.සී.එස්.හමීඩ් මහත්මයගෙ බෑණා,
අබ්දුල් හලීම් මොහොමඩ්

* හිටපු නියෝජ්‍ය ඇමැති එච්.බී.සේමසිංහ මහත්මයගෙ පුතා ෂෙහාන් සේමසිංහ

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එස්.ඩබ්ලිවු.අලවතුවල මහත්මයගෙ පුතා ජේ.සී.අලවතුවල

* හිටපු පළාත් සභා මන්ත්‍රී නැසීගිය නාමල් ගුණවර්ධන මහත්මයාගේ සොහොයුරිය කෝකිලා හර්ෂණී ගුණවර්ධන

* ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතාගේ ඥාති පුත් රංජන් රාමනායක

* හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ බිරිඳ
මංජුලා දිසානායක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්මයගෙ බිරිඳ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

* හිටපු මුදල් ඇමැති අභාවප්‍රාප්ත ආචාර්ය එන්.එම්.පෙරේරා මහත්මයගේ ඥාති පුත් මහාචාර්ය තිස්ස විතාරණ.

* හිටපු පළාත් සභා මන්ත්‍රී ශ්‍රීලාල් වික්‍රමසිංහ මහත්මයගෙ බිරිඳ රාජිකා වික්‍රමසිංහ

ජාතික ලැයිස්තුවෙන් සහ මහජන ඡන්දයෙන් පත් ව සිටින මෙම ඥාතීන් අලුත් පාර්ලිමේන්තුවේදි දැක ගත හැකි ය.

Next Post

මෙන්න අද දිවුරුම් දෙන ඇමතිවරුන් සහ ඔවුන්ට පැවරෙන අමාත්‍යාංශ

Tue Aug 11 , 2020
මහනුවර මඟුල් මඩුවේදී හෙට (12) පෙරවරුවේ දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යධූරය දිනේෂ් ගුණවර්ධන මහතාටද , අධ්‍යාපන ඇමැතිධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී.එල් පීරිස් මහතාටද හිමිවනු  ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මුදල් ඇමැතිධූරය සහ නාගරින සංවර්ධන හා නිවාස ඇමැතිධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝ දුරට […]

Breaking News