නව පාර්ලිමේන්තු පලමු රැස්වීමේදීම ආණ්ඩු පක්ෂයේ 35ක් විපක්ශයේ අසුන් ගනියි

පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 35 දෙනකු විපක්ෂය පැත්තේ අසුන්වල අසුන් ගැන්වීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එකම පැත්තක හිඳ ගැනීමට අසුන් ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

නව වැනි පාර්ලිමේන්තුව සඳහා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මන්ත්‍රීවරු 145 දෙනෙක් තේරීපත්ව සිටිති. ආණ්ඩුවට සහාය දෙන හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් හයදෙනා සමග එම සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ යන්නේය.

එහෙත් ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන්වල අසුන් ගැන්විය හැක්කේ මන්ත්‍රීවරුන් 116 දෙනකු පමණකැයි වේත්‍රධාරීවරයා කීය.

නව වැනි පාර්ලිමේන්තුව සඳහා තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් වෙනුවෙන් අසුන් පැනවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒ අසුන් පැනවීම කරන බවද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වෙන් කෙරුණු අසුන් වෙනස් නොකෙරෙන බවද ඔහු කීය.

මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන් රැසක් පත්ව සිටින හෙයින් ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ පසුපෙළ අසුන් සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු කියති.

Next Post

රුසියාවේ කොරෝනා ප්‍රතිරෝධී එන්නත පූටින්ගෙ දියණියටත් - සොයාගත් එන්නත ගැන විද්‍යාඥයෝ සැකයෙන්

Tue Aug 11 , 2020
කොරෝනා වයිරසය මැඬපැවැත්වීමට සමත් එන්නතක් රුසියාව විසින් නිපදවා ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි. රුසියාව තුළ  සංවර්ධනය කරන ලද මෙම එන්නත භාවිතය සඳහා ලියාපදිංචි කර ඇති බවත් තමන්ගේ දියණියක දැනටමත් මෙම කොරෝනා ප්‍රතිරෝධී  ඖෂධය එන්නත් කරගෙන ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා පැවසූ බව ‘හින්දුස්තාන් ටයිම්ස්‘ මෙන්ම ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ වෙබ් […]

Breaking News