මෙන්න අද දිවුරුම් දෙන ඇමතිවරුන් සහ ඔවුන්ට පැවරෙන අමාත්‍යාංශ

මහනුවර මඟුල් මඩුවේදී හෙට (12) පෙරවරුවේ දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යධූරය දිනේෂ් ගුණවර්ධන මහතාටද , අධ්‍යාපන ඇමැතිධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී.එල් පීරිස් මහතාටද හිමිවනු  ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් ඇමැතිධූරය සහ නාගරින සංවර්ධන හා නිවාස ඇමැතිධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමැතිධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටද අධිකරණ ඇමැතිධූරය මෙවර පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාටද , කෘෂිකර්ම ඇමැතිධූරය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටද හිමිවීමට ඉඩ ඇති බව පැවසේ.

චමල් රාජපක්ෂ මහතාට වාරිමාර්ග ඇමැතිධූරයද , බන්දුල ගුණවර්ධන මහතාට වෙළඳ ඇමැතිධූරයද , නාමල් රාජපක්ෂ මහතාට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැතිධූරයද ලබාදීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.

රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන ඇමැතිධූරය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාටද , වැවිලි ඇමැති ධූරය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාටද , ජනමාධ්‍ය අමාත්‍යධූරය කෙහෙලිය රඹුක්වැල්ල මහතාටද හිමිවීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

විමල් වීරවංශ මහතාට කර්මාන්ත ඇමැතිධූරයද , උදය ගම්මන්පිල මහතාට විදුලිබල ඇමැතිධූරය හෝ බලශක්ති ඇමැතිධූරය ද  , ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මහාමාර්ග ඇමැතිධූරය ද , ප්‍රසන්න රණතුංග මහතාට සංචාරක ඇමැතිධූරයද , ලැබීමට ඉඩ ඇති බව පැවසේ.

කැබිනට් ඇමැතිධූර තුනක් සහ රාජ්‍ය ඇමැතිධූර දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙනු ඇති බව වාර්තා වේ.

එම කැබිනට් ඇමැතිධූර තුන  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන්ද රාජ්‍ය ඇමැතිධූර දෙකට දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් පත්වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

ඩලස් අලහප්පෙරුම,එස් එම් චන්ද්‍රසේන , ඩඩ්ලස් දේවානන්ද යන මහත්වරුන්ටද කැබිනට් ඇමැතිධූර හිමිවනු ඇති බව වාර්තා වේ.

සරත් වීරසේකර , ආචාර්ය නාලක ගොඩහේවා සහ මහචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ටද විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියට ද රාජ්‍ය ඇමැතිධූර හිමිවනු ඇති බව වාර්තා වේ.

කැබිනට් ඇමැතිවරුන් 28 දෙනා සහ රාජ්‍ය ඇමැතිවරුන් 40 දෙනා මහනුවර මඟුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (12) දිවුරුම්දීමට නියමිතය.

දිවුරුම්දීමේ අවස්ථාවට ආණ්ඩුපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගි වන ලෙස දැනුම් දී ඇත.

උපුටා ගෑනීම – ලංකාදීප

Next Post

දිවුරුම් දීම අරඹයි - රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

Wed Aug 12 , 2020
නව රජයේ  කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12)  උදෑසන මහනුවර මඟුල් මඩුවේ දී  ඇරඹිණි. දිවුරුම් දීමේ උත්සවය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික ආශිර්වාදය මැද ආරම්භ කෙරිණි. රාජ්‍ය අමාත්‍යවරු  01. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ  02. ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන, […]

Breaking News