ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ භූමිය මත “CHINA” (චීනය) යනුවෙන් ලියා ඇති ප්‍රදේශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණයවී තිබෙනවා.
මෙලෙස CHINA යනුවන් ඉහළ අහසේ සිට් නිරීක්ෂණය වන පරිදි ගොඩනගා ඇත්තේ හම්බන්තොට, මිරිජ්ජවිල – සුරියවැව ප්‍රදේශයේ පිහිටා ඇති චීන එස්එල්කේ වරාය සේවයට අයත් ගොඩනැගිලි බව අනාවරණය වී තිබෙනවා.
ඔබටත් පහත ලින්ක් එකට පිවිසීමෙන් එම ස්ථානයේ සිතියම නිරීක්ෂණය කළ හැකිය:
Link to Google Map: https://www.google.com/maps/@6.1329444,81.0789167,16z/data=!3m1!1e3
මේ සම්බන්ධව අදහස් දක්වමින් Chinese Embassy in Sri Lanka ට්විටර් ගිණුම පවසා සිටින්නේ හම්බන්තොට වරාය ඉදිකිරීම් සිදුවන කාලයේදී “CHINA SLK” ලෙස පෙනෙන පරිදි මෙම ගොඩනැගිලි ඉදිකිරීම සිදුවූ බවත් ඉන් පසුව ම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා (HIPS) වෙත රාජකාරි පැවරීමෙන් අනතුරුව එම ගොඩනැගිලි නේවාසික කඳවුරු ලෙස භාවිතා වූ බවයි.