ඉතින් රත්තරන් ගැන කතා කරන්න එපා – ජනවාරි මාසෙන් පසු වැඩි වුන හැටි

වන විට මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වේ. Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 110,000/- ක් ලෙසින් සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 100,850/- ක් ලෙසින් වාර්තා වේ. මීට අමතරව කැරට් 21 රන් පවුමක මිල දැක්වෙන්නේ රු. 96,250/- ක් ලෙසිනි.

රන් මිල (01/01/2020) සමඟ සංසන්දනය කිරීමේදී රන් පවුමක මිල (ග්රැම් 8ක්) 24K රත්තරන් 35500/- කින් ද 22K රත්තරන් 32550/- කින් සහ 21K රත්තරන් 31050/- කින් ඉහළ ගොස් ඇත.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා මහතා මෙසේ කරුණු දැක්වීය.

“රත්‍රං හමුවන ප්‍රධාන රටවල් වන කැනඩාව, ඇමරිකාව, දකුණු අප්‍රිකාව රන් සීමා කිරීමක් කරනවා. නමුත් කිර්කිස්ථානය, ටජිකිස්ථානය, කසකස්ථානය, උස්බෙකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි බෙලරුසියානු රටවල රත්‍රං ඒ හා සමානවම හමුවෙනවා. මේ රත්‍රං ප්‍රධාන වශයෙන්ම පාලනය කරන්නේ චීන වෙළෙඳුන් විසින්. චීනයේ ඇති වූ තත්ත්වය සමඟ ඒ වෙළෙඳාමත් අඩපණ වුණා. එම නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිලේ විශාල වෙනසක් සිදුවුණා. උස්බෙකිස්ථානයේ තමයි ලෝකයේ විශාලතම open pit gold mine එක තියෙන්නේ. ඊට අමතරව කසකස්ථානයත් ලෝක වෙළෙඳපොළට විශාල රන් ප්‍රමාණයක් අවුරුදු පතා එකතු කරනවා. මේ දවස්වල ඒ වෙළෙඳාම අකර්මණ්‍ය වෙලා තියෙන නිසා ලෝක වෙළෙඳපොළෙහි රන් මිලෙහිත් විශාල වැඩිවීමක් වෙලා තියෙනවා. එය අපි වගේ කුඩා රටකටත් ඉතා තදින් දැනෙනවා.“

මේ අතර සිංගප්පූරුවේ සහ ඩුබායි සිට මෙරටට ගුවන් මගින් පැමිණෙන මඟීන් හරහා සැලකිය යුතු රත්‍රං ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළට එන බවත්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගුවන්ගමන් සීමා වීම තුළ මෙරටට එයාකාරයෙන් ඇදී එන රන් ප්‍රමාණය ඇණහිට ඇති බවත් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා මෙහිදී කියා සිටියේය. “මේ හේතුවත් එක්තරා විදියකට රන් මිල වැඩිවීමට බලපාලා තිබෙනවා“, ඔහු වැඩිදුරටත් පැවසීය.

Next Post

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල පක්ෂ - විපක්ෂ අවාසනාවන්ත මංත්‍රීවරු මෙන්න

Mon Aug 10 , 2020
ඉකුත් පාර්ලිමේන්තුවට පළමුවරට පත්ව සිට මෙවර පත් නොවූ මන්ත්‍රීවරුන් 32කට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වේ. එයට හේතුව ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ වසර පහක කාලයක් සම්පූර්ණ නොකිරීමය. පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් අඛණ්ඩව වසර පහක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු වේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා මනාපයෙන් හා ජාතික ලැයිස්තුවලින් […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News