‘එජාපය රැකගත් සිංහල බෞද්ධ නායකයෙක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විදියට ඉන්නවා” – දයා ගමගේ

එජාපයේ නායකත්වයට තරඟ කරන්නවත් පෙරළි කරන්නවත් දෙයක් තමන්ට නොමැති බව හිටපු අමාත්‍ය දය ගමගේ පවසනවා.

ඔහු මෙම අදහස් පළකලේ පසුගිය දා කොළඹ දී පැවති එජාප මැතිවරණ ප්‍රචාරණ රැලියකට එක්වෙමින්.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“එක එක අය එක එක තැන්වල නායකත්වය ගැන තම තමන්ගේ බලාපොරොත්තු ගැන අදහස් පළ කරනවා. හැබැයි ඒ හැමෝම අමතක කරන එක දෙයක් තියෙනවා. මේ පක්ෂෙ අමාරුවෙ වැටුණ හැම වෙලාවකම තාත්තෙක් වගේ පක්ෂයත් පාක්ෂිකයාත් බලාගන්න, පක්ෂය වෙනුවෙන් ජීවිතේ හරි හම්බ කරපු සේසතම වියදම් කරවපු, අමාරුවෙන් ගොඩනගපු ආයතන පවා අහිමිකරගනිපු, හොරකමකට දුෂණයකට චෝදනාවක්වත් ගෑවිලා නැති සිංහල බෞද්ධ නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විදියට ඉන්නවා.

මට නායකත්වයට තරඟ කරන්නවත් පෙරළි කරන්නවත් දෙයක් නෑ. රනිල් වික්‍රමසිංහගෙන් පස්සෙ සියලු ජාතීන් එක්සත්ව ගොඩනැගූ හැම ජාතියකටම එක හා සමානව සලකන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ශ්‍රී ලාංකේය එකමුතුවට නායකත්වය දෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි, මේ දයා ගමගේ කියල මම සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ට සතුටින් හෙළිදරව් කරන්න කැමතියි.

මැතිවරණ සමයේ මටත් කොළඹ දිස්ත්‍රික්කය පුරා එක්සත් ජාතික පාක්ෂිකයින් හමුවෙනවා. ඔවුන් මගෙන් ඉල්ලීම් කරනව මේ පක්ෂයේ වගකීම භාරගන්න ඉදිරිපත් වෙන්න කියල. මේ පක්ෂෙ දුර්වල අදූරදර්ශී නායකයෙක් අතට පත්වීම වළක්වන්න කියල. ඒ වගේම මේ වෙලාවෙ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තියෙන එකම අවශ්‍යතාවය තමයි රනිල් වික්‍රමසිංහගෙන් පස්සෙ මේ පක්ෂය දුෂණයෙන්, වංචාවෙන් තොර සැබෑ සිංහල බෞද්ධයෙක් අතට මේ පක්ෂයේ වගකීම යන එක දකින එක.” යනුවෙන් ද අදහස් දක්වා සිටියා.

Next Post

දියවන්නාවට නෑවිත් ගෙදර හිටපු අය..

Sat Aug 8 , 2020
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබෙනවා. ඒ අතරින් බහුතරය එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් වේ. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු ඒ […]