තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට කදුළු ගෑස් මැද පෙරදිග අපේ අයට රස්සා නෑ – කන්නත් නෑ – ලංකාවට එන්නත් නෑ

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සහ ඔවුන් ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇතිවූ කල බල කාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලිසිය අද (27) එම පිරිසවෙත කඳුළු ගෑස් එල්ල කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට එම කර්මාන්ත පුරයට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 340 කට ආසන්න පිරිසක් එම නිලධාරීන්ව වටකර ගෙන විරෝධය පළ කර ඇති බව ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.

එම ස්ථානයට පැමිණි එක් තානාපති නිලධාරියෙකු නිවාස අඩස්සියට පත්කර ගැනීමෙන් පසු ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය පාලනය කිරීමට එරට පොලිසිය පැමිණ මෙම කදුළු ගෑස් එල්ල කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඉන් කිසිඳු නිලධාරියෙකුට හෝ ලාංකික ශ්‍රමිකයෙකුට හානියක් සිදුවී නැතැයිද තානාපති ආරංචි මාර්ග කියයි.

මාස පහකට ආසන්න කාලයක් තිස්සේ මෙම ලාංකික ශ්‍රමිකයින් පිරිස රැකියා අහිමිව සිය නේවාසිකාගාර තුළ සිරවී විවිධ අපහසුතාවට පත්ව සිටීම සම්බන්ධයෙන් එම බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමේදී ඇති වූ අනවබෝධයක් මත ලාංකික ශ්‍රමිකයින් කලබලකාරී ලෙසින් හැසිරීම නිසා තත්ත්වය පාලනයට මෙම කඳුළු ගෑස් එල්ල කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැවසීය.

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 340 කට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එම කඳුළු ගෑස් එල්ල කර ඇති බවත් ඉන් කිසිවකුට හානියක් සිදුව නැතැයි මන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වී මාස කිහිපයක් ගතව ඇතත් ආපසු මව්බිමට යාමට නොහැකි වී ඇති බවත් තමන්ට විවිධ දුෂ්කරතා ඇති බවට එම ලාංකික බලධාරීන් අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්ට දන්වා ඇති අතර ඒ අනුව එම තානාපති කාර්යාලය නිලධාරීන් ⁣තිදෙනෙකු ඔවුන් සිටින ස්ථානයට ගොස් කතා කිරීමේදී ඇති වූ අනවබෝධයෙන් මෙම කලබලකාරී තත්ත්වය ඇති වූ බවද නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර එලෙස රැකියා අහිමිව එරට සිරවී සිටි ලාංකික ශ්‍රමිකයින්ට හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන බවද හෙතෙම කීය.

රැකියා අහිමි වී සිටින මෙම ලාංකික ශ්‍රමිකයින් ගැන තානාපති කාර්යාලය නිරන්තරයෙන් සොයා බලන බවද මංගල රන්දෙණිය මහතා කීය.

කළහකාරී ලෙස හැසිරුණු ලාංකික ශ්‍රමිකයින් කියා සිටින්නේ තමන්ට මාස පහක් තිස්සේ සිය සේවා ස්ථාන වලින් නිසි පරිදි වැටුප් නොලැබුණු බවත් මේවන විට තමන්ට ලැබුණුයේ දිනකට කෑම වේල් දෙකක් පමණක් යැයිද කියා සිටිති.

එබැවින් හැකි ඉක්මනින් තමන්ව දිවයිනට ගෙන්වා ගන්නැයිද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

Next Post

'එජාපය රැකගත් සිංහල බෞද්ධ නායකයෙක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විදියට ඉන්නවා'' - දයා ගමගේ

Tue Jul 28 , 2020
එජාපයේ නායකත්වයට තරඟ කරන්නවත් පෙරළි කරන්නවත් දෙයක් තමන්ට නොමැති බව හිටපු අමාත්‍ය දය ගමගේ පවසනවා. ඔහු මෙම අදහස් පළකලේ පසුගිය දා කොළඹ දී පැවති එජාප මැතිවරණ ප්‍රචාරණ රැලියකට එක්වෙමින්.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, “එක එක අය එක එක තැන්වල නායකත්වය ගැන තම තමන්ගේ බලාපොරොත්තු ගැන අදහස් පළ කරනවා. හැබැයි […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News